Jan 02

අස්ථාන ගතවු ලක්ෂ දෙකහාමාරක රන් භාණ්ඩ හිමිකාරියට සොයා දුන් බස් සහයක


ලක්ෂ දෙකහමාරක පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිහිපයක් ලංගම බස් රථයක ආසනයක් යට තිබි එම බස්රථ කොන්දොස්තර විසින් අදාල තරුණ යුවතියට හෙම්මාතගම බස්නැවතුමේදි අද (02) භාර දිමට කටයුතු කළ අතර එය බොහෝ දෙනෙකුගේ පැසසුමට මෙන්ම කතා බහට ලක් විය.

හෙම්මාතගම හරංකව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනි නම් මෙම තරුණියගේ මව විදේශ ගතව සේවය කරන අතර ඇය විසින් දියණියගේ රන්භාණ්ඩ බේරා ගැනිමට මුදල් ඒවා ඇත. පසුව ඇය විසින් ඊයේ දින එම රන්භාණ්ඩ බැංකුවෙන් නිදහස් කර ගෙන තමන්ගේ යෙහෙළියක හමුවිමට සවස හෙම්මාතගම නගරයේ සිට ගම්පොළ නගරයට ගමන් කරන බස් රථයකින් යමින් සිටියදි ඇය සතුව තිබු රන් භාණ්ඩ අතුරුදහන් වි තිබුණා.

පසුව ඇය ගමන් කරන ලද ගම්පොළ ඩිපෝවට අයත් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා වන ජි.ජි. අනුර ප‍්‍රියන්ත කුමාර යන අයට දුරකථන ඇමැතුමක් ලබා දිමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ සවස බස් රථය අතුගා පිරිසිදු කරන විට රන්භාණ්ඩ වැටි තිබුණහොත් දුරකථන ඇමැතුමක් ඇයට ලබා දෙන බවයි.

බස් රථයේ අවසන් ගමනාන්තයෙන් පසුව සුපුරුදු ලෙසින් බස්රථය පිරිසිදු කටයුතු කරමින් සිටියදි කොන්දොස්තරවරයාට පොලිතින් කවරයක ඇතුලත දැමු රන්භාණ්ඩ හමුවි ඇති අතර එම රන්භාණ්ඩ හමුවු විගස ඔහු විසින් නැති වු තරුණියට ඒ බව දැනුම් දි ඇත. ඒවා අද දින හෙම්මාතගම බස් නැවතුමේදි අද දින උදෑසන තරුණියට ලබා දිමට බස් කොන්දොස්තර අනුර ප‍්‍රියන්ත මහතා කටයුතු කරන ලදි.

වර්තමානයේ සමාජයෙන් මෙවැනි කටයුතු අසන්නට නොලැබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට අදහස් දැක්වු ගම්පොළ ඩිපෝවේ ලංගම බස් රථ කොන්දොස්තරවර ජි.ජි. අනුර ප‍්‍රියන්ත කුමාර යන පැවසුයේ තමන් දැනට වසර 13 වැඩි කාලයක් ගම්පොළ හෙම්මාතගම බස් රථයේ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවත් මෙලෙස නැති වු භාණ්ඩ සහ මුදල් යනආදිය රැසක් බස් රථයේ තිබි අදාල පුද්ගලයන්ට භාර දිමට කටයුතු කර ඇති බවයි.

සමන් විජය බණ්ඩාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.