Jan
13
ආයුර්වේද බලපත්‍ර නැතිව අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් භාරගෙන සම්භාහනය කරලා
අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඇනවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන ලද සම්බාහන මධ්‍යස්ථානයක් බියගම පොලිසිය මගින් පෙරේදා (10 වැනිදා) පස්වරුවේ සාර්ථකව වටලන ලදී.
තවද මෙහි සිටි කළමනාකාරිනිය හා කාන්තාවක් ද අත්අඩංගුවට ගැනිණි. බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල හා සැරයන් චන්දන (63767) යන නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කළහ.
එම කළමනාකාරිනිය දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියක් වන බව කියයි.
මෙම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතුවේ.
අත්අඩංගුවට ගන්නා ලද කළමනාකාරිනිය හා කාන්තාව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක ඞී. එම්. එස්. සී. කුමාර, පො. කො. සේනානායක (88674), ක්රීෂ්ණබන් (23406), බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල, සැරයන් චන්දන (63767) , විශේෂ කාර්ය අංශයේ සැරයන් රාජපක්ෂ (63431), පො.කො. ගුණවර්ධන (86476) හා කාන්තා පො. කො. දිලානි (96054) යන නිලධාරීහු විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූහ.
දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන