Jan
13
පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ
දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් ව නිදහස් කර තිබේ.
ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්වූ සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24 වනදා ඔහුට ඇප හිමිවිය.
අදාළ නඩුව පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩී. සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණුනු අතර නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මෙම නඩුව ඉදිරියට ගෙනයෑමට අදහසක් නොමැති බව දැනුම්දීමෙන් අනතුරුව අධිකරණය දැනුම්දුන්නේ අද දින (13) නඩු තීන්දුව දෙන බවය.
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසින්ගම් 2005 වසරේ දෙසැම්බර් 25 වන දින රාත්‍රී දේවමෙහෙය අතරතුරදී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කරන ලදි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකුද අද නිදහස් කෙරුණි.