Jan 07

ජනපති ට්‍ර්ම්ප් ගේ ආධාරකරුවන් කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවඩියි (Photos)


අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ පිහිටි වොෂින්ටන් DC ප්‍රදේශයට හදිසියේ ඇඳිරි නිතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල තුලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම නිසා ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන්.

ඉකුත් නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයෙන් තේරීපත්වූ ජෝ බයිඩ්න් ගේ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලය හමුවේ තහවුරු කිරිම ඊයේ දිනයේ නියමිතව තිබුණා.

කෙසේ වුවත් මැතිවරණ ප්‍රථිපල පිළිගත නොහැකි බව පවසමින් දහස් සංඛ්‍යාත ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන් අගනුවරට රැස්වී සිටියා.

කොංග්‍රස් මණ්ඩල රැස්වීම ආරම්භ වීමත් සමගම ඊට විරෝධය පළ කරමින් රැස්ව සිටි දහස් සංඛ්‍යාත ට්‍රම්ප් ආධාරකරුවන් කොංග්‍රස් මණ්ඩලය රැස්වන Capitol ගොඩනැගිල්ල ආක්‍රමණය කිරිමත් සමග එහි ආරක්ෂාව තහවුරු කිරිමට පොලිසියට අමතරව ජාතික ආරක්ෂක බලමුළුව කැඳවීම ද සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

රැස්ව සිටි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන යාමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබු අතර ට්‍රම්ප් ගේ ආධාරකරුවන් පැය 03 කට ආසන්න කාලයක් ගොඩනැගිල්ලේ පාලනය ඔවුන් යටතට ගෙන තිබුණා.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වෙඩි වැදීමෙන් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇතිවූ තත්ත්වය ලොවපුරා රාජ්‍ය නායකයින් තම කණස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.

ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් ද තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් විසින් රැගෙන එන්නට ඇතැයි සැකකෙරෙන පයිප්පයක් තුල සකස් කරන ලද බෝම්බයක් ද සොයා ගැනීමට හැකිවූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කර සිටියා.
















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.