Jan 28

01 නවසීලන්තය, ශ්‍රී ලංකාවට 10 වන තැනට - කොරෝනා මර්දනය හොදින්ම කළ රටවල් මෙන්න


ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්.

මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් එහි සෙසු ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

එක්සත් රාජධානිය මෙම ලැයිස්තුවේ 66 වෙනි ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාවට හිමිව ඇත්තේ 86 යි.

මෙම සමීක්ෂණයට රටවල් 98 ක් පාදක කොට ගෙන ඇති අතර අවසන් ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.ඇමරිකාවට හිමිව ඇත්තේ 94 වන ස්ථානයයි.

ශ්‍රී ලංකාව හැරුනු විට දකුණු ආසියානු කලාපයේ වෙනත් කිසිඳු රටක් මෙහි පලමු රටවල් 10 අතරට ඇතුලත් වී නොමැති අතර ප්‍රමාණවත් දත්ත වාර්තා නොමැති වීම නිසා මෙම ලැයිස්තුවට චීනය ඇතුලත් නොවීමද විශේෂත්වයක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.