Jan 28

කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට (Photos)


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.

එන්නත් තොගය නිල වශයෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට (29) සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.

අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඉන්දීය ගුවන් සේවයේ A I - 281 දරන ගුවන් යානය එන්නත් රැගෙන අද පෙරවරු 11.35 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බවය.

මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා රැගෙන ඒමට කටයුතු කර තිබේ.

රජයේ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පමණක් එම කටයුතු සිදුකෙරෙන අතර බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත්, කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධවන ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට යෝජිතය.

එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයකුට ලබා දී සති 4කට පසු දෙවැනි මාත්‍රාව එම තැනැත්තාට ලබා දෙනු ඇත.

කෙසේවෙතත් ඉදිරියේදී පෞද්ගලික ආයතන තම සේවකයන් සඳහා ලබාදීමට සිදුකරන ඉල්ලිම් මත එන්නත් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ.

එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළයුතු අතර එහි සියලු අධික්ෂණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.