Jan
21
සිව් හැවිරිදි දැරියකට අ#තව#ර කළ 60 හැවිරිදි පුද්ගලයාට තීන්දු වූ ඉරණම
බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින් පෙරේදා (19 දා) නියම කරන ලදී.
මෙසේ සිර දඩුවම් නියම වූයේ ඉහළ මිල්ලෑව, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැති ජයලත්ගේ සරත් චන්ද්‍රසිරි නමැත්තකුටය.
2009 අගෝස්තු 12 වැනිදා අවුරුදු හතරයි මාස අටක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් කරන ලදැයි සඳහන් කරමින් චෝදනා දෙකක් නගා නීතිපතිවරයා විසින් පාණදුර මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.
එකී සිර දඬුවමට අමතරව අගතියට පත් දැරිය වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙස ද චූදිතට නියම කළ විනිසුරුවරයා එකී මුදල තැන්පත් නොකරන්නේ නම් තවත් මාස තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද යූ. ගමගේ මහතා පෙනී සිටියේය.
මොරගහහේන පොලිසියේ පොලිස් කොස්තාපල් කි‍්‍රෂාන් දේශපි‍්‍රය ලියනගේ මහතා (78898) උසාවි කටයුතු සඳහා පොලිසිය වෙනුවෙන් සිටියේය.
ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම