Dec 17

අනුරාධපුර රෝහලේ විශ්මිත සැත්කමක් කල අපේ දක්ෂ වෛද්‍යවරු


රෝගියා නිර්වින්දනය නොකර මොළයේ තිබූ ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය පසුගිය දා සමත් වූහ.

අනුරාධපුර නොච්චියාගම ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු පියකුගේ මොළයේ දකුණු පස අභ්‍යන්තරයේ වම් ශරීර අර්ධය පාලනය කරන ප‍්‍රදේශය ආශ‍්‍රිතව තිබූ ගෙඩියක් මෙලෙස සැත්කමකට භාජනය කර ඉවත් කර තිබුණි.

සාමාන්‍යයෙන් මොළය ආශ‍්‍රිතව ශල්‍යකර්ම සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනයට ලක් කරන අතර ශල්‍යකර්මය අතරතුර දී මොළයේ ක‍්‍රියාකාරීත්වය ඇගයීමක් සිදු නොකෙරේ. එහෙත් මෙම ශල්‍යකර්මයේදී රෝගියා සම්පූර්ණ නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටිය දී ශල්‍යකර්මය සිදු කළ නිසා වෛද්‍යවරුන්ට රෝගියාගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ඇගයීමක් සිදු කළ හැකි වූ අතර, එහි සුවිශේෂී කාරණය වන්නේ මොළයේ වැදගත් ක‍්‍රියාකාරී අංශ සුරකිමින් මොළයේ ගෙඩි වැනි ව්‍යාධිජනක තත්ත්වයන් ඉවත් කිරීමට හැකි වීමයි.

මොළයේ ක‍්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට නම් ශල්‍යකර්මය අතරතුර දී රෝගියා අවදියෙන් සිටිය යුතු අතර, රෝගියා සහ වෛද්‍යවරුන් නිරතුරුවම සන්නිවේදනය කළ යුතුය. එකී ක‍්‍රියාවලිය ස්නායු නිරීක්ෂණ ක‍්‍රමවේදය මගින් අධ්‍යයනය කෙරේ.

සුපුරුදු නිර්වින්දන ක‍්‍රියාවලියෙන් බැහැරව රෝගියා ගැඹුරු නිද්‍රාශීලි තත්ත්වයකට පත් කර ශල්‍යකර්මය ආරම්භ කළ අතර, මොළයේ ගෙඩිය ඉවත් කරන අවස්ථාවේ දී රෝගියා කඩින් කඩ අවදිකර විවිධාකාර ක‍්‍රියාකාරකම් ඔහුට සිදු කිරීමට සලස්වමින් මොළයේ ක‍්‍රියාකාරීත්වය හඳුනා ගැනීම සිදු කර තිබේ. එකී ප‍්‍රදේශවලට හානියක් සිදු නොවන පරිදි මෙම ගෙඩිය ඉවත් කිරීම සිදු කරන ලදී.

උදාහරණ ලෙස පාට වර්ග හඳුනා ගැනීම, හැඩතල හඳුනා ගැනීම, උච්චාරණය ඇගයීම, මුහුණේ පේශි ක‍්‍රියාකාරීත්වය, වම්පස ශරීරයේ ක‍්‍රියාකාරීත්වය ඇගයීම, දිගු කාලීන සහ කෙටි කාලීන මතකය ඇගයීම වැනි ක‍්‍රියාකාරකම් මෙම ගෙඩිය ඉවත් කිරීමේදී සිදු කරන ලදී.

ශල්‍යකර්මයෙන් අනතුරුව ද රෝගියාගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය ඇගයීමට ලක් කළ අතර රෝගියා කිසිදු සංකූලතාවයක් නොපෙන් වූ බව වෛද්‍යවරු පවසති.

සාමාන්‍ය ශල්‍යකර්ම හා සැසඳීමකදී මෙහි ඇති සුවිශේෂීතා වනුයේ ශල්‍යකර්මයෙන් පසු ඇතිවන සංකූලතා අවම වීම, රෝගියාට ඉක්මන් සුවය ලැබීම, රෝහලේ රැුඳී සිටින කාල සීමාව අවම වීම සහ වියදම අවම වීමයි.

මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථක වූ අතර රෝගියා ශල්‍යකර්මයෙන් පසුව කිසිදු සංකූලතාවක් හෝ ස්නායු දුබලතාවක් නොපෙන්වීම නිසා රෝහලින් මුදා හැර තිබුණි.

ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහලක් තුළ මෙවැනි සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය බව ද වෛද්‍යවරු පවසති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන, වෛද්‍ය මධුසංඛ ගෝමස් සහ වෛද්‍ය රොහාන් පාරිස් ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මෙම ශල්‍යකර්මය සිදු කළහ. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලෙවන් කාරියවසම් මහතා ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගින් රෝගියා නිද්‍රාශීලීභාවයට (අඩ නින්දට මෙන්) පත් කිරීම සිදු කරන ලදී.

මෙම ශල්‍යකර්මය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර ‘සී’ , ස්නායු ශල්‍ය වාට්ටුව (අංක 31) සහ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සියලූම කාර්ය මණ්ඩලය දායක වී තිබුණි.

(මෙම ලිපිය සැකසීමේදී තොරතුරු මූලාශ‍්‍ර ලබා දුන් වෛද්‍ය නිලධාරීන් වන තිලාන් හේරත් නදුන් යොහාන් පෙරේරා මහතාට අපගේ ස්තූතිය.)

මිහින්තලේ - රංග චතූ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.