Dec 17

LPL ශුරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් පිලට, ලබන වසරේ සිට LPL වෙනස්කම් රැසක්


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 36ක් වාර්තා කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.

මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කණ්ඩායමක් එක් කිරිමට සැලසුම් කර තිබෙන බව තරග සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න සඳහන් කර සිටිනවා.

" ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතයි. අප බලාපොරොත්තු වෙනවා ලබන වසරේ තරගාවලිය සම්බන්ධයෙන් වන වැඩකතයුතු ලබන ජනවාරි මාසය වන විට ආරම්භ කරන්න. තරගාවලිය ලබන වසරේ ජුලි 29 ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙන්නේ.

ලබන වසරේ තරගාවලියට කණ්ඩායම් 06ක් තරග කිරිමට සැලසුම් කරල තිබෙනවා. ඒ වගේම සෑම කණ්ඩායමකටම අනිවාර්යෙන්ම ප්‍රධාන පෙලේ විදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටීම අනිවාර්ය කිරීම අපේ බලොපොරෝත්තුවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.