Dec
11
ඥාති පුතුන්ගේ ගැටුම විසඳීමට ගිය කොස්තාපල් පිහි ඇනුම් කා මරුට
අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ පාලමුණ ප්‍රදේශයේදී සිය අක්කාගේ සහ අයියාගේ පුතුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් විසඳීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු ඉකුත් 09 වැනිදා රාත්‍රී 7.00 ට පමණ පිහි ඇනුමකින් මිය ගොස් ඇත.
එම ස්ථානයේ සිටි තවත් දෙදෙනකුද පිහි ඇනුම් පහරවලට ලක්ව තුවාල ලබා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කාත්තන්කුඩි පොලිසියේ සේවය කරන පාලමුනේ මුහුදු වෙරළ පාරේ පදිංචි පො.කො. (76358) තාහිර් තස්සිත් නමැති අයෙකි. එම්. ජේ. තාසිම් සහ එම්. ජේ. රොෂාන් අශ්වර් නමැති දෙදෙනා තුවාල ලබා අක්කරපත්තු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මියගිය පොලිස් කොස්තාපල්වරයා කාත්තන්කුඩි පොලිසියේ රාජකාරි නිමා වී සවස 6.00ට පමණ පාලමුනේ වෙරළ පාර පිහිටි සිය නිවසට පැමිණ ඇත. ඉන්පසු ජේ. එම්. තාසිම් යන අයගේ නිවසට ගොස් ඇත. එහිදී ඇතිවූ ආරවුල විසඳීමට යෑම නිසා තාහිර් තස්ලිම් නමැත්තා මියගිය අයට හා එම ස්ථානයේ සිටි තවත් දෙදෙනකුට පිහියෙන් ඇන ඇතැයි පැවසේ.
සැකකරු අක්කරපත්තු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.
අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ මගපෙන්වීම සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත, අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරති.
සුසන්ත අමරබන්දු