Dec
11
සිතුවම් කලාවෙන් ඉන්දියාව දිනූ ලංකාවේ චාමිනී
ලංකාවේ විහාර සිතුවම් කලා ඉතිහාසයේ චිත‍්‍ර ශිල්පීන් හමුවූවත් චිත‍්‍ර ශිල්පිනියන් නම් අපට හමුවෙලා නෑ. ඒ හිඩැස පුරවමින් ලංකාවෙ පළමු විහාර සිතුවම් ශිල්පිනිය ලෙස මෑතකදී විහාර සිතුවම් කර්මාන්තය තුළ සිය නාමය තහවුරු කරගත් ඇය චාමිනී වීරසූරිය. එහෙත් අද මේ සටහන තබන්නෙ ඇගේ විහාර සිතුවම් ගැන කතා කරන්නට නම් නොවේ. මේ වනවිටත් චාමිනී ලංකා ඉතිහාසය තුළ පමණක් නොව ඉන්දියානු ඉතිහාසය තුළත් සිය නාමය රදවනු ඇතැයි අනුමාන කළ හැකි චරිතයක් බවට පත්ව අති නිසා.
චාමිනි අපිට කියන්න බලන්න චාමිනීගෙ පෞද්ගලික විස්තර ටිකක්
මගේ සම්පූර්ණ නම වීරසූරිය මුදියන්සේලාගේ චාමිනී බුද්ධිකා වීරසූරිය. මම ඉපදුණේ කුරුණෑගල. නමුත් උපන්දා පටන් ජීවත්වුණේ අනුරාධපුරේ, කලත්තෑව ප‍්‍රදේශයේ. අනුරාධපුර කලත්තෑව මහ විදුහලෙන් මූලික අධ්‍යාපනයත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලැබූ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා විශේෂවේදී උපාධිධාරිනියක්. ඒ වගේම ගිය වසරේදී මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලාධිපති පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළා.
ඔබ ඉන්දියාවේ නාග්පූර් නගරයේ ජීවත් වෙන්නෙ ඇයි?
මම විවාහ වුණේ මේ වසරේ (2020) ජනවාරි මාසයේ. මගේ මහත්තයා ඉන්දියානු ජාතිකයෙක් ඒ නිසා දැනට අපි ඉන්දියාවේ නාග්පූර් නගරයේ ජීවත් වෙනවා.
ඉන්දියාවට ගිහින් වසරක් ගත වෙන්නටත් පෙර නාග්පූර් නගරය තුළ ඔබගේ නම චිත‍්‍ර ශිල්පිනියක් වශයෙන් ප‍්‍රචලිත වෙන්නෙ කොහොමද?
මගේ මහත්තයා ඉන්දියානු බෞද්ධයෙක් බැංකු නිලධාරියෙක් ලෙස සේවය කරන ඔහු නාග්පූර් නගරය තුළ හැමෝම දන්න කියන සුප‍්‍රසිද්ධ සමාජ සේවකයෙක්. ඉන්දියාව තුළ බුදුදහම ව්‍යාප්ත කිරීම සහ ඉන්දියානු බෞද්ධයන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. ඔහු ආරම්භ කළ බෞද්ධ අධ්‍යාපනික ආයතනය මේ වනවිට මුම්බායි, පූනා, නාග්පූර් ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ශාඛාවන් සහිත ශක්තිමත් සංවිධානයක් බවට පත්ව තිබෙනවා. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ පුරාවට සිටින බහුතරයක් බෞද්ධයන් සාම්ප‍්‍රදායිකව පැවැත එන බෞද්ධයන් නොවේ. මොවුන් බෞද්ධයන් වුවත් බුදු දහමේ එන ඉගැන්වීම්, බෞද්ධ ඉතිහාසය ආදිය පිළිබඳ දැනීම ඉතාම අල්පයි.
ඒ නිසා බෞද්ධයකු විදිහට මම අධිෂ්ඨාන කරගත්තා මට හැකි අයුරින් ඉන්දියානු බෞද්ධයන් හට සිතුවම් කලාව හරහා බුදු දහම සහ බුද්ධ චරිතයේ අවස්ථා ආදිය පිළිබඳව දැනුවත් කිරීමට. එහි ප‍්‍රතිඵලයක් විදිහට ඉතා කෙටි කලක් තුළ නාග්පූර් නගරයේ පමණක් නොව මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය පුරා බොහෝදෙනාගේ අවධානට මාව ලක්වුණා. මෙහෙ විහාරස්ථානවල සිතුවම් ඇඳීමේ සම්ප‍්‍රදායක් නෑ. විහාර සිතුවම් සම්ප‍්‍රදායක් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ද නැහැ. මෙහෙ විහාරස්ථානයන්හි මම සිතුවම් ඇඳීමෙන් පසු එය නාග්පූර් වැසියන්ට ගොඩක් ලොකු වෙනස්ම අත්දැකීමක් වුණා.
ඒ වගේම මම මේ වනවිට ලංකාවේ සහ නේපාලයේ දහම් පාසල් පෙළ පොත් හින්දි සහ මරාටි භාෂාවන්ට පරිවර්තනය කරමින් සිටින්නෙ. ළඟදීම නාග්පූර් නගරය තුළින් දහම් පාසල් අධ්‍යාපන ක‍්‍රමය ආරම්භ කර ශක්තිමත්ව ව්‍යාප්ත කරලීම මගේ අරමුණ.
චාමිනී මේ සිතුවම් ඇඳීමේදී විශේෂ ශෛලියක් අනුගමනය කරනවද?
මේතාක් ඇඳී සිතුවම් විවිධ වූ ශෛලීන් හරහා ඇන්ද. මට ම ආවේණික එකතරා ශෛලියක් පවත්වාගත්තෙ නෑ. නමුත් ඉදිරියේදී මට ම ආවේණික එක් නිශ්චිත ශෛලියක් හරහා සිතුවම් කිරීමට බලාපොරොත්තු වෙනව. මම තේරුම් ගත්ත රටවල් දෙකට එකම ශෛලියක්
නොගැළපෙන බව. ඉන්දියාව කියන්නෙ වර්ණ එක්ක, සැරසිලි එක්ක බැදුණු සංස්කෘතියක් තියෙන රටක්. එයාල සිතුවම් හරහාත් මේ විචිත‍්‍රත්වය, සැරසිලිමය ස්වභාවය බලාපොරොත්තු වෙනව කියල මට දැනුණ. හැබැයි ඒ හැමතැනකම ලාංකීය අනන්‍යතාව රඳවලා සිතුවම් කරන්න මම උත්සහ කරනව.
තිස්ස