Dec 26

ඉතිහාසයේ පළමු වතාවට පරීක්ෂණ දත්ත රැසක් රැස් කිරීමේ බැලුනයක් ගුවන් ගත කෙරේ (PHOTOS)


මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබද දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කිරීම අද (26) දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරුණා.

විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් දින කිහිපයක් කණ්ඩලම ප්‍රදේශයේ රැඳී සිටිමින් අද දින අලුයම 5ට පමණ ආරම්භ කරන ලද අත්හදා බැලීම උදේ 7.30 ට පමණ සාර්ථක ව ගුවන් ගත කිරීම විශේෂත්වයක් වුවා.

ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරන උපයෝගි කරගෙන දීවයිනේ ප්‍රථම වතාවට රබර් බැලූනයක් ගුවන් ගත කිරීම ඒ තුළ සවි කරන ලද විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද සවිකොට මෙය ගුවන් ගත කිරීම සිදු කරනු ලැබූ බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේ දී මෙරට විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකිවන බවත් දැනට මෙරට භාවිතා කරන්නේ ලබන්නේ 1950 වසරේ තාක්ෂණයෙන් උපයෝගී කරගත් තොරතුරු බව ද විශ්වවිද්‍යාල සිසුහු පවසයි.

ලෝකයේ රටවල් ගණනාවක් එක්ව සිදුකරන ලද මෙවැනි අත්හදා බැලීමකට ලංකාවේ විශ්ව විද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශී වී මෙය සිදු කෙරෙන බව එම සංවිධානය කියා සිටියි.

මෙම විශේෂ අත්හදාබැලීමේ බැලූනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාසේ ගමන් කරමින් ආකාශයේ ඉහළ දී මෙම බැලුනය පුපුරා එහි සවිකොට ඇති පැරිසුට් එකක් මගින් ලබාගත් තොරතුරු සියල්ල පොළොවට පතිත වීම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුහු පවසයි.

මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙරට රොකට් උපයෝගී කරගෙන සිදුකරන ලබන සැටලයිට් වෙනුවට බැලූන යොදාගෙන එම දත්ත ලබා ගැනීමට හැකි බව ඔවුහු පවසයි.

මෙමගින් ඉහල වායුගෝලයේ පවතින වීවිධ සංඝටක ප්‍රමාණයන් අනාවරණය කරගැනීම කාලගුණික දත්ත සපයා ගැනීම මෙන්ම කැලෑ හෙළි පෙහෙළි කිරීම් කැලෑ ඝනත්වය පිළිබඳව දත්ත ලබාගැනීම වන අලීන් පිළිබඳව තොරතුරු රැස්කර ගැනීම ආදී ක්‍රියාවන් රැසක් සිදු වෙන බව එහි උපදේශක අමිල සඳුන් බස්නායක පවසා සිටියේ.

එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක වනතශ්මිලා අරලිය සිසුවිය කියා සිටියේ ඉහළ වාතයේ පිළිබඳව දැනට ලබා ගන්නා නව තොරතුරු රැසක් මෙමගින් රැස්කර ගැනීම අපේක්ෂාව වන බවත් මෙය අනෙකුත් රටවල් සමග තරගයකටද ලක්වන බවය .

පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල මෙන්ම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සියලු දෙනාගේ සහයෝගයෙන් සැදුම්ලත් සංවිධානයක් මගින් මෙම අත්හදා බැලීම ගුවන් ගත කිරීම සිදුකරන බව මෙහි ඇති දත්ත ගබඩාව මගින් විශාල කාර්යක් මෙරටට ඉටුවනු ඇතැයි තමා විශ්වාස කරන බව වීශ්ව විද්‍යාල සිසුවෙකු වූ යසිත දිමුතුරු ප්‍රකාශ කර සිටියේ.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.