Dec
26
ප්ලාස්ටික් වර්ග 06 ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ලබන සතියේ
දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇතිබව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සැෂේ පැකට්, කෘමිනාශක ඇතුළත් ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06 ක් තහනම් කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මේ වනවිට අදාළ ගැසට් නිවේදනය නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
"ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06කට අනුමැතිය ලැබිලා තියෙනවා තහනම් කිරීමට. ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කරන්න පුළුවන්. අදියරෙන් අදියර අපි මේ කටයුතු සිදු කරනවා. පොලිතීන් බෑග් ඇතුළු වර්ග රැසක් ඊළඟට තියෙනවා. අනිවාර්යයෙන් මේ සියල්ල නතර කරන්න කටයුතු කරනවා," යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.