Dec 26

බාබා වැන්ගා 2021 වසර ගැන කියූ අනාවැකි


"ලෝකයේ බලය විශාල මකරෙකු විසින් අල්ලා ගන්නා බවත් ඊට එරෙහිව යෝධයින් තිදෙනෙකු නැගී සිටින බව" ලොව ප්‍රබල අනාවැකි පළකරන්නියක් වන බාබා වැන්ගා විසින් 2021 වර්ෂය සඳහා වන සිය අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටිනවා.

සැප්තැම්බර් 11 අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ඇතුළු මෙතෙක් ලොව සිදුවූ ප්‍රබල සිදුවීම් සම්බන්ධයෙන් කල් තියා අනාවැකි පළකළ බල්ගේරියානු ජාතික දෑස් අන්ධ කාන්තාවක් වන බාබා වැන්ගා 1996 වර්ෂයේදී මියයන විට වර්ෂ 5079 දක්වා ලොව ඇතිවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළකොට තිබෙනවා.

2021 වර්ෂයේ දී ලොවපුර විශාල විනාශයන් සහ ව්‍යවසනයන් ගෙන් පිරුණු වසරක් ලෙස බාබා වැන්ගා පුරෝකථනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

2020 වර්ෂයේදී අමෙරිකානු රාජ්‍ය නායකයා භයානක රෝගී තත්ත්වයකට ගොදුරු වෙනු ඇති බවට අනාවැකි පළකොට සිටි බාබා වැන්ගා හේ අනාවැකිය සත්‍ය බවට සනාථ වුයේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගයි.

එමෙන්ම 2021 වර්ෂයේ දී ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණනක් බිලිගන්නා පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගන්නා බවටද බාබා වැන්ගා විසින් පුරෝකථනය කොට ඇති අතර ඇය ඒ බව සඳහන් කර ඇත්තේ " පිළිකා යකඩ දම්වැල්වලින් බැඳ තබන දිනය පැමිණේ" යනුවෙනි.

කෙසේ වුවත් තවත් අනාවැකි පළකරනනෙකු ලෙස ඇය විසින් මිට පෙර වර්ෂයන් වලදී සිදුකළ ඇතැම් පුරෝකථනයන් ඒ අයුරින්ම සිදුවී නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. විශේෂයෙන්ම 2020 වර්ෂය සඳහා ඇය අනාවැකි පළකර සිටියේ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඝාතන තැතක් සිදුවනු ඇති බවයි.

එමෙන්ම 2020 වර්ෂයේදී බාබා වැන්ගා පළකල තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමිය අන්තවාදීන් විසින් යුරෝපය තුළ සිදුකරනු ලබන රසායනික අවි ප්‍රහාරයකින් බරපතල හානි සිදුවන බවයි. 2020 වර්ෂය සඳහා ඇය විසින් පුරෝකථනය කළ මෙම කරුණු දෙකම මේ දක්වා සිදුවී නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ වුවත් බාබා වැන්ගා විසින් පුරෝකථනය කර තිබු ඇතැම් අනාවැකි ඒ අයුරින්ම සිදුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.