Dec
27
ගමක් දෙකට බෙදූ හිරිවඩුන්න බෝධිය
හිරිවඩුන්න බෝධි මූලයේ තිබුණු වජ‍්‍රාසනයට මමත් හිස තබා වැඳලා තියෙනවා...
හිරිවඩුන්න ගමේ සමහර මිනිස්සු ලෙඩක් දුකක්, කරදර දුක කිව්වේ මේ බෝධියට...
මේ විකෘති මත පළ කිරීම නිසා ශාසන ඉතිහාසයත් විකෘති වෙනවා...
අපි ඓතිහාසික ගමකට ගියෙමු. දඹුල්ල පොළොන්නරුව මාර්ගයේ හබරණ නගරයට කිලෝ මීටර් දෙකක් පමණ මෙපිටින් හිරිවඩුන්න හන්දියෙන් වමට හැරුණු මාර්ගය දිවෙන්නෙ ඒ ඉපරැණි ගමටය. කොන්ක‍්‍රීට් ඇතිරූ පටු මඟ ද ගම මෙන්ම පරණය. කඳු බෑවුම් සහිත පටු පාර කඩතොලූය. වක ගැසුණු කොන්ක‍්‍රීට් මාර්ගය විහිදී ඇත්තේ ටික දුරකට පමණි. ඉතිරි මඟ රළු බොරලූ, වළ ගොඩැලි සහිත අති දුෂ්කරය. හිරිවඩුන්න ගම මැඳින් වැටුණු ඒ මඟ කෙළවර වෙන්නේ කුඹුරු යායෙන් ඉහත්තෑවේ පිහිටි ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය සමීපයෙනි. මෑත කාලයේදී අතිශය ජනප‍්‍රියත්වයට පත් වී තිබෙන බෝධිරාජ ආරණ්‍ය සේනාසනය තුරු ගොමු මැද පිහිටි නිසල වන සෙනසුනකි.
එම ආරණ්‍ය සේනාසන භූමියට ඇතුළු වන ප‍්‍රධාන දොරටුවට මඳක් ඇතුළතින් විසල් බුදු මැඳුරක් සහ ඊට මඳක් එපිටින් පුංචි දානශාලාවක් සහිත කුඩා ගොඩනැඟිල්ලකි. බුදු මැඳුරට වම් පසින් ඉපරැණි බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිති. රන් වැටකින් සහ තරමක් උස් තාප්පයකින් ආවරණය වී තිබෙන බෝධීන් වහන්සේ දුටුවන් මවිත කරවන ආකාරයේ ඓතිහාසික ස්වරූපයක් පෙන්නුම් කරති. ඒ හැර වෙනත් කිසිදු ඓතිහාසික බවක් ඒ ශාන්ත වූ පරිසරයෙන් දර්ශනය නොවේ. ගුප්ත වන ලැහැබකින් සෙවණ වූ ඒ පින්බිම තුළ දී සිත නිවාසනහාලන සුළු බවක් නම් මට දැනිණි. ඒ බෝධීන් වහන්සේ සමීපයේ හිඳගෙන සිටින විට කාලය ගෙවී යන බවක් ද අපට නොදැනිණි. අප බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් ඇසතු බෝ රුක යැයි විවිධ පාර්ශ්ව මත පළ කරමින් සිටිනුයේද මේ ඉපරැණි බෝධීන් වහන්සේටය. එම බෝධීන් වහන්සේ සමීපයෙහිම වජ‍්‍රාසනයක් තිබූ බවද මේ වන විට එම වජ‍්‍රාසනය පස් දමා වසා ඇති බවද 2008 වර්ෂයේ සිට විටින් විට මේ පින්බිමට ගොස් බෝධීන් වහන්සේ වැඳ පුදාගත් බැතිමතෙක් අපට කීවේය. ඔහු දේනුවර සෙනෙවිරත්නය. කාලයක සිට මේ ඉපරැුණි බෝධීන් වහන්සේ ගැන මෙන්ම එම පින්බිමේ ඓතිහාසික පසුබිම සෙවීමට උනන්දු වන කෙනෙකි.
* දේනුවර කියන කතාව...
‘‘හිරිවඩුන්න බෝධිය ගැන විවිධ මත පළ වෙනවා. ඒත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නෙ මේ ස්ථානයේ නෙමෙයි. මේ ස්ථානයේ බෝසතාණන් වහන්සේ වැඩ සිටි බව හිටපු පුරාවිද්‍යා නිලධාරියකුත් ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ බෝධි මූලය අසල සුදෝ සුදු වැලි මළුවක් එක්ක වජ‍්‍රාසනයක් තිබුණා. ඒ වජ‍්‍රාසනය පිහිටා තිබුණේ පොළව මට්ටමේ සිට පුංචි උසකින්. එම වජ‍්‍රාසනයට මමත් හිස තියලා වැඳලා තියෙනවා. ආදී කාලයේ ඉඳලා හිරිවඩුන්න ගමේ මිනිස්සු මේ බෝධිය ළඟට ගිහින් පුද පූජා පවත්වනවා. පිට පළාත්වල මිනිස්සු කණ්ඩායම් පිටින් ඇවිත් බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ගියා. සමහර මිනිස්සු ලෙඩ දුක් හැදුණු විට වෛද්‍යවරුන් ළඟට ගියේ නෑ. මේ බෝධිය ළඟට ඇවිත් භාර හාර වෙලා සෙත ශාන්තිය බලාපොරොත්තු වුණා. බෝ රුක මුල වජ‍්‍රාසනයට හිස තබා යමක් ප‍්‍රාර්ථනා කළ විට ඒ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වන බවට ගම්මුන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මේ බෝධිය ඉදිරිපිටදී යම් ප‍්‍රාර්ථනාවක් කළ විට එය සැබෑ වන බව මටත් විශ්වාසයක් තියෙනවා...’’
‘‘ඒත් පහුගිය කාලේ අපි එනකොට බෝධීන් වහන්සේ වටා රන් වැටක් ගහලා පස් පුරවලා තිබුණා. ඒ පස්වලට වජ‍්‍රාසනය වැහිලා ගිහින්. රන් වැටට මෙපිටින් තවත් තාප්පයක් ගහලා බැතිමතුන්ට බෝධීන් වහන්සේ සමීපයට යන්න බැරි වෙන විදිහට යකඩ ගේට්ටු දාලා අගුළු දාලා තිබුණා. පස්සෙ ගමේ මිනිස්සු විරුද්ධත්වය ප‍්‍රකාශ කරලා ඉබි යතුරු දැමීම වළක්වලා වජ‍්‍රාසනයත් මතු කරලා තිබුණා. මේ මෑතකදී නැවතත් පස් දාලා වජ‍්‍රාසනය වහලා තියෙනවා. ඒක වැරැුදියි. කාලයක ඉඳලා ලක්‍ෂ ගානක් වැදුම් පිදුම් කරපු ස්ථානයක, බැතිමතුන්ගේ වන්දනා කිරීමේ අයිතිය නැති කිරීම අසාධාරණයි. බැතිමතුන් වැඳුම් පිදුම් කරපු ස්ථානයක් කාටවත් වහන්න අයිතියක් නෑ. ඒක පාපකර්මයක්. ඒ වගේම ඓතිහාසික වටිනාකමක් සහිත මේ භූමිය පුරාවිද්‍යා ස්ථානයක් විදිහට සංරක්‍ෂණය කර ඇති බවක් පේන්නෙත් නෑ. අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නෙ නමට විතරයි. මිනිස්සුන්ට ඕන විදිහට පුරාවිද්‍යා භූමි තුළ ඉපරැුණි නටබුන් විනාශ කරලා තාප්ප බඳිනවා. පල්ලි හදනවා. කෝවිල් හදනවා. පුරාවිද්‍යා භූමි වගා බිම් බවට පරිවර්තනය කරනවා. ඓතිහාසික ස්මාරක විනාශ කරනවා. පුරාවිද්‍යා නිලධාරීන් ඒවා ගැන කිසිම සොයාබැලීමක් නැතිව ඇටිකෙහෙල් කෑ උගුඩුවො වගේ ඉන්නවා. මේ රටේ ඉතිහාසය ආරක්‍ෂා කරන්න ඉන්න පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් නිවැරදි රාජකාරියක් වෙන්නෙ නැති නම් පඩි මුදල් ගෙවාගෙන තියාගෙන ඇති ඵලක් නෑ. අවසානයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. හිරිවඩුන්න විහාරස්ථානය පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක් වෙන්න ඕන. බැතිමතුන්ට නිදහසේ බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි...’’ දේනුවර සෙනෙවිරත්න මහතාගේ අදහස් දැක්වීම එපමණකි. කාලයක සිට හිරිවඩුන්න බෝධිය නිතර වන්දනා කරන තවත් පුද්ගලයෙක් අපට කතා කළේය. ඔහු නම ගම් හෙළිදරව් කිරීමෙන් වැළිකී සිටියේය. මේ ඔහු කියන කතාවය.
* තවත් බැතිමතෙක් කියන කතාව...
‘‘හිරිවඩුන්න ගමත් දෙකට බෙදිලා තියෙන්නෙ. පිරිසක් බෝධීන් වහන්සේ වන්දනා කරන්නෙ සිරිමා බෝධිය කියලා හිතාගෙනමයි. ඒ මිනිසුන්ට මොන යම් හෝ කරදරයක්, ලෙඩක් දුකක් පැමිණි විට බෝධීන් වහන්සේ වන්දනා කරගෙන වජ‍්‍රාසනයට හිස තියලා සෙත් ප‍්‍රාර්ථනා කරනවා. ඒ මිනිසුන්ට බෝධීන් වහන්සේ හැර වෙනත් පූජනීය වස්තුවක් නෑ. 2015 අවුරුද්දේ තමයි බෝධීන් වහන්සේ වටා පස් පුරවලා රන් වැට සවි කළේ. ඊට පෙර අපි ගිහින් බෝධීන් වහන්සේගේ මුල් ස්පර්ශ කරලා වන්දනා කරනවා. ඒ වගේම වජ‍්‍රාසනයක් තියෙන්න ඕන පොළව මට්ටමේ සහ නැගෙනහිර දිසාවට වන්න. හිරිවඩුන්න විහාරස්ථානයේ බෝධීන් වහන්සේ සමීපයෙහිම තිබුණු වජ‍්‍රාසනය තියෙන්නෙ පොළව මට්ටමේ, නැගෙනහිර දිසාවට. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව කියන ඉන්දියාවේ තියෙන ස්ථානයෙත් වජ‍්‍රාසනය තියෙන්නෙ පොළව මට්ටමේ ඉඳලා අඩි තුනක් උසින්. ඒ වජ‍්‍රාසනය අඩි හතයි අඟල් හයක් දිගයි. අඩි හතරයි අඟලක් පළලයි. ගඩොල්වලින් හදලා තියෙන්නෙ. වජ‍්‍රාසනය නියම විදිහටම තියෙන්නෙ හිරිවඩුන්න විහාරස්ථානයේ බෝධි මූලය සමීපයේ. අතීතයේ ඉඳලා හිරිවඩුන්න ගමේ මිනිස්සු මේ වජ‍්‍රාසනය වැඳ පුදා ගත්තා. හිරිවඩුන්න බෝධිය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ කියලා මත පළ කිරීමත් සමඟ ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණ මේ බෝධීන් වහන්සේ සහ වජ‍්‍රාසනය වැඳ පුදා ගත්තා. ඒ කාලේ විහාරස්ථාන භූමියට ඇතුළු වෙන්න කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය වුණේ නෑ. ඒත් දැන් අවසරයකින් තොරව ඇතුළුවීම තහනම් කියලා දැන්වීම් පුවරු සවි කරලා තියෙනවා. යම් බැතිමතෙක් පින් රැුස් කිරීමේ ප‍්‍රාර්ථනාවෙන් බෝධිය, වජ‍්‍රාසනය වන්දනා කරගන්න පැමිණෙනවා නම් ඔවුන්ට බාධා කිරීම අසාධාරණයි...’’ ඔහුගේ කතාව ද අවසානය. පෙළගැසෙන ගැටලූ සහගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් තොරව අපි හිරිවඩුන්න ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනාධිපති බොරලැස්ගමුවේ සුමේධ හිමියන් බැහැදැක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා සිටියෙමු. මේ සුමේධ හිමිගේ අදහස් දැක්වීමය.
* සුමේධ හිමිගේ අදහස් දැක්වීම...
‘‘මම මේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළේ 2019 අවුරුද්දේ දෙසැම්බර් 26 වැනිදා. එවකට සිටි විහාරාධිපති සුගතවංස ස්වාමීන්වහන්සේගේ ඉල්ලීමකට අනුව. සුගතවංස ස්වාමීන්වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයෙන් ගියෙත් මේ ස්ථානය සම්බන්ධයෙන් පවතින මත ගැටුම්, දායක දායිකාවන්ගෙන් පැමිණි ගැටලූවලින් කළකිරිලා. මමත් මේ ආරණ්‍යයට වැඩම කළේ උන්වහන්සේ අවුරුද්දක් තිස්සේ දිගින් දිගටම එකම ආරධනාව කරපු නිසයි. මෙතැනට පැමිණෙන්න පෙර මේ ස්ථානයේ මෙච්චර ගැටලූකාරී තත්ත්වයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. මෙතැනට පැමිණියට පස්සෙ තමයි මම දැනගත්තෙ මේ ස්ථානය සම්බන්ධයෙන් පැතිර යන මත ගැටුම් නිසා විශාල ශාසනික හානියක් සිදු වෙනවා කියලා. මේ ස්ථානය ගැන පළ වන විකෘති මත ගැන අදහස් විමසීමට දිනකට බොහෝ පිරිසක් ආරණ්‍ය සේනාසනයට පැමිණෙනවා. කුඩා දරුවන් ද ඒ අතර වෙනවා. මේ විකෘති මත පැතිරවීම නිසා බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය යටතේ ශාසන ඉතිහාසය හදාරන අපගේ අනාගත පරම්පරාවට නිවැරැුදි හැදැරීමක්
කරගැනීමටත් නොහැකි වෙනවා. අනාගත පරම්පරාව මේ විකෘති අදහස් ගැනීම ශාසන ඉතිහාසය විකෘතිවීමටත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර මිනිස්සු හිටි හැටියේ ඇවිත් බෝධීන් වහන්සේ සමීපයට යන්න ඉබි යතුරු ඉල්ලා ඇවිටිලි කරනවා. වන්දනාවේ පැමිණෙන කණ්ඩායම්වල කාන්තා පාර්ශ්වය ආරණ්‍ය පුරා ඇවිඳිමින් ස්වාමීන් වහන්සේ වැඩසිටින කුටි සෙනසුන් සමීපයටත් පැමිණෙනවා. ඇත්තටම මෙතැන බණ භාවනා කරගෙන නිදහසේ වැඩ සිටින්න අසීරුයි. එවැනි ගැටලූ නිසා අප තුළත් නූපන් ද්වේෂය ඇති කරනවා...’’
‘අපේ ස්වාමීන්වහන්සේ මේ බෝධීන් වහන්සේ සමීපයෙහි තිබුණු වජ‍්‍රාසනය පස් දාලා වහලා කියලා බැතිමතුන් විවිධ අදහස් පළ කරනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස පැහැදිලි කළොත්...‘ නැවතත් අපි උන්වහන්සේට පැනයක් යොමු කළෙමු.
‘‘වජ‍්‍රාසන තියෙන්නෙ එකයි. ඒ ඉන්දියාවේ දඹදිව බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ස්ථානයේ පමණයි. මේ ස්ථානයේ තිබුණේ පැරැණි මල් ආසනයක්. පැරැණි ගම්වාසීන් පවා බෝධීන් වහන්සේට මල් පූජා කළේ ඒ ආසනය මත තියලා. දැන් ඒ මල් ආසනය මතින් බෝ මුල් ගිහින් වැහිලා. මම මේ ස්ථානයට පැමිණෙනකොට බෝධීන් වහන්සේ වටා පස් පුරවලා මල් ආසනය තියෙන තැන පමණක් හාරලා පාදලා තිබුණා. එහෙම තිබුණම අපිළිවෙළයි. මේ ඉපරැුණි බෝධීන් වහන්සේ ගෞරවනීය පූජනීය වස්තුවක්. ඒ නිසා බෝධීන් වහන්සේට ගෞරවයක් ඇති වන ආකාරයට ඒ වටා පිළිවෙළට සකස් කරන්න ඕන. ඒ නිසා තමයි බෝධීන් වහන්සේ වටා එක මට්ටමකට පස් පුරවලා පිළිවෙළකට සකස් කළේ. ඒ හැර විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන මතවලට මම අදහස් පළ කරන්න කැමති නෑ...’’ හිරිවඩුන්න ශ‍්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනාධිපති වහන්සේගේ අදහස් දැක්වීම ද අවසානය. භාග්‍යවතුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, වැඩසිටීම ගැන ගැටලූවක් ඇති වී සිටින පාර්ශ්වයන්ට කරුණු කාරණා අවබෝධ කරදීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවනා සංගමයේ උප සභාපති ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේ දුරකථනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වූහ. මේ උන්වහන්සේගේ අදහස් දැක්වීමය.
* ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේ කියන කතාව...
‘‘බුදුරාජාණන් වහන්සේගේ උපත සිදු වී ඇත්තේ නේපාලයේ ලූම්බිණි සල් වනයේ බව ප‍්‍රථම වරට සොයාගෙන ඇත්තේ ක‍්‍රි. පූ. 3 වන සියවසේදී අශෝක අධිරාජ්‍යයා විසින්. අශෝක අධිරාජ්‍යයා තමයි තුන්වන ධර්ම සංඝයනාවට දායකත්වය ලබාදුන් රජතුමා. ලංකාවට බුදුදහම හඳුන්වාදීපු මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මහතෙරණියගේ පියා. ඒ වගේම අශෝක අධිරාජ්‍යයා නිරන්තරයෙන් මොග්ගලි තිස්ස තෙරුන් වැනි මහරහතන් වහන්සේලා ඇසුරු කළා. උන්වහන්සේලාගේ උපදෙස් මත තමයි ක‍්‍රි. පූ. 3 වන සියවසේදී නේපාලයේ ලූම්බිණියේ සිදුහත් කුමරයා ඉපදුණු ස්ථානයේ අශෝක ස්ථම්භය පිහිටුවන්නේ. එම ස්ථම්භය තුළ බුද, හිඳ, ජාතී යනුවෙන් සඳහන් කරලා තියෙනවා. ඒ තුළින් අරුත් ගැන්වෙන්නේ සිදුහත් කුමරයා එම ස්ථානයේ ඉපදුනා කියන එකයි. පසුකාලීනව 1896 වර්ෂයේදී ඉන්දියාව බි‍්‍රතාන්‍යයට යටත්ව පැවති කාලයේදී එස්. සී. පී. බෙල්, කනින් හැම් වැනි පුරාවිද්‍යා නිලධාරීන් ඉන්දියාව පුරා, පුරාවිද්‍යා ගවේෂණ සිදු කරමින් සුවිශේෂී ස්ථාන හඳුනාගැනීම් සිද්ධ කෙරුණා. එම පුරාවිද්‍යා ගවේෂණ තුළදී ලූම්බිණියේ අශෝක ස්ථම්භය හඳුනාගෙන එහි තිබූ සෙල් ලිපිය කියවා බුදුරාජාණන් වහන්සේ උප්පත්තිය ලැබූ ස්ථානය බවට දෙවැනි වරටත් හඳුනාගත්තා. බි‍්‍රතාන්‍යය යටත් විජිත සමයේ සිට ඉන්දියාව තුළ සිදුහත් උපත පිළිබඳ විවිධ ආකාරයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ, පරීක්‍ෂණ, නිරීක්‍ෂණ සිද්ධ වුණා. එසේ සිදු වූ ගවේෂණ, පරීක්‍ෂණ, නිරීක්‍ෂණ ආදී දේවල්වල කූටප‍්‍රාප්තියක් හැටියට තමයි 2008 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදුහත් උපත සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළේ. ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලය, ඉන්දියාව, කත්මන්ඩු, ජාපනය, පිලිපීනය, ප‍්‍රංශ ආදී රටවල විශ්වවිද්‍යාල ගණනාවක මහාචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් තමයි එම වාර්තාව සකස් කරලා තියෙන්නේ. විශාල මහාචාර්යවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් ආකාරයට පවතින භූමි භාගයට වඩා අඩි පහළොවක්, විසිපහක් ගැඹුරකින් තමයි එදා සිදුහත් කුමාරයා ඉපදුණු ස්ථානය පිහිට තිබෙන්නේ. සිදුහත් කුමාරයා උපත ලබා ඇත්තේ එම ස්ථානයේ බව ස්ථිර වශයෙන්ම එම වාර්තාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් එම ස්ථානය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා...’’
‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලූම්බිණියේ එම ඓතිහාසික ස්ථානය ලෝක උරුමයක් බවට පත් කර ඇත්තේ ආවට ගියාට තියෙන තොරතුරු මත නෙමෙයි. විද්‍යාත්මක තොරතුරු පදනම් කරගෙන තමයි එම ප‍්‍රකාශය ප‍්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ලෝක ප‍්‍රසිද්ධ පුවත්පත්, සඟරාවල එම ප‍්‍රකාශය ගැන වගේම සිදුහත් උපත පිළිබඳ ලිපි පළ වෙලා තියෙනවා. ජාත්‍යන්තර රූපවාහිනීවල ප‍්‍රවෘත්ති විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. එතැනින් එහාට ඒ ගැන කතා කර ඵලක් නෑ. ඒ වගේම සිදුහත් කුමාරයා ජීවමානව ගත කළ අවුරුදු විසි නවයත්, බුද්ධත්වයෙන් පසු බුදුරාජාණන් වහන්සේ ලෙස වැඩසිටි අවුරුදු හතළිස් පහ කාලසීමාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ ජීවිත තොරතුරු සහ පරම්පරාව ආදී සියලූ කාරණා ඉන්දීය ඉතිහාසය තුළ මනාව හෙළිදරව් කරලා තියෙනවා. ඉන්දීය ඉතාහාසය තහවුරු කිරීමට විද්‍යාත්මක සාධක තියෙනවා...’’
‘‘ඒ වගේම බුදුරාජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සූත‍්‍ර පිටකයේ විතරක් දහඅටදහක් විදිහට සඳහන් වෙනවා. මේ සූත‍්‍ර ගණනාවක උන්වහන්සේ වැඩසිටි ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. බුදුරාජාණන් වහන්සේ ඉන්දියාවේ වැඩසිටි බවට මේ කරුණු කාරණාවලින් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. උන්වහන්සේ උපන් ස්ථානය ලූම්බිණිය බවත් ඉතාම පැහැදිලියි. ඒ වගේම බුදුරාජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, වැඩසිටීම ගැන සෙවීමේ වගකීම තියෙන්නේ පුරාවිද්‍යාඥයන්ට, ඉතිහාසඥයන්ට. ආගමික දෘෂ්ටි කෝණයකින් කටයුතු කරන අයට, දාර්ශනික දෘෂ්ටි කෝණයක් හැටියට බුදුරාජාණන් වහන්සේගේ ඉගැන්වීම පාවිච්චි කරන්න උත්සාහ දරන අයට බුදුරාජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සිද්ධ වූ ආකාරය ගැන සෙවීමට අවශ්‍ය නෑ. ස්වාමීන් වහන්සේනමක් විදිහට අප කරන්න ඕන බුදුදහම ඉගෙනගෙන, එය ජීවිතයට ප‍්‍රායෝගිකව අත්විඳ, උන්වහන්ගේ ධර්ම මාර්ගය අනුගමනය කරගෙන ප‍්‍රතිඵල ලබාගැනීමට කටයුතු කිරීම පමණයි. භාග්‍යවතුන් වහන්සේගේ ද නියමය ඒකයි. බුදුරාජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරම්රාව ගැන සොයා කටයුතු කරන්න කියලා කිසිම සූත‍්‍ර දේශනාවක සඳහන් කරලා නෑ. අපිට ලැබිලා තියෙන්නේ කෙටි මනුෂ්‍ය ආත්මයක්. ඒ ආත්ම භාවය තුළ අනවශ්‍ය තර්ක, විතර්කවලට කාලය යොදවලා වටිනා කාලය විනාශ නොකර හැකි උපරිමයෙන් බුදුන් වහන්සේගේ ධර්මය අධ්‍යනය කිරීමට පෙළඹීම තමයි වැදගත්ම...’’ සද්ධාජීව ස්වාමීන් වහන්සේගේ දේශනය ද අවසානය. ඒ සියලූ අදහස් දැක්වීවලට මේ කෙටි වචන කිහිපයත් එකතු කර තැබීම අපගේ කැමත්තය. අප බෝසතාණන් වහන්සේ ඉපදුනු ස්ථානය, බුද්ධත්වයට පත් වූ ස්ථානය ගැන දැන සිටීම ප‍්‍රමාණවත්ය. එහෙත් අපට වැදගත් වන්නේ සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ ශ‍්‍රී මුඛයෙන් දේශනා කරන ලද ධර්මය පමණි. හිරිවඩුන්න ඓතිහාසික බෝධීන් වහන්සේ වන්දනා කිරීමේදී බැතිමතුන්ට මතු වී ඇතැයි කියන ගැටලූ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු සිද්ධ කිරීම අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි. එම ආරණ්‍ය සේනාසනයේ වැඩි සිටින ස්වාමීන් වහන්සේට බාධාවක් වන අයුරින් එම ස්ථානයේ වන්දනා කටයුතු සිද්ධ කිරීම ද අකුසල් රැස් කරගැනීමක් බව මතක් කර තැබිය යුතුය.