Jul
14
හසලක ගාමිණී අදට දිවිපුදා වසර 25ක්

අලිමංකඩ හමුදා කදවුර එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්නොවී බ්‍ෙරාගැනීමට ගාමිණී කුලරත්න හේරත් රණවිරුවා නොහොත් අපි සැම හදුනන හසලක ගාමිණී
සිය ජීවිතය පූජාකර අදට වසර 25ක් සැපිරේ.
මෙම සිද්ධිය සිහිකර අද (14) හසලක නගරයේ ඉදිකර ඇති හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අසල විශේෂ උත්සවයක් හා උපහාර දැක්වීමක් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යංශයෙ ප්‍රධානත්වයෙන් සිදුකරයි.
1966 අගෝස්තු 22 හසලකදී උපන් ගාමිණී කුලරත්න මහතා 1986 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුනහ. ඹහු සිංහ රෙජිම්‍ෙන්තුව්‍ෙ හයවන බලකායේ සේවය කලේය. හසලක ගාමිණී 1991 වසරේදී අලිමංකඩ කදවුර කොටි ත්‍රස්තයන්ගෙන් බ්‍ෙරාගැනීමට සිට ජීවිතය පුදකලේය. ඹහු ඒ මෙහොතේ ත්‍රස්තයන් කදවුරට ගෙනඒමට සැදූ බෝම්බ අැටවූ බුල්ඩෝසරය විනාශ කිරීමට බෝම්බ දෙකක් අතැතිව එම වාහනයට කඩාවැදී ඇති අතර එයින් එම බුල්ඩෝසරය විනාශ වී ඇත.
ඹහු එම වීරක්‍රියාව නොකරන්නට අලිමංකඩ කදවුරේ සිටි සියලු සෙබලුන්ගේ ජීවිත අවසන් වන්නට තිබින. හසලක ගාමිණී සිට ඇත්තේ ප්‍රධාන දොරටුව්‍ෙ බංකරයේය. ඹහුගේ අණ දෙන නිලධාරීන් හා රණවිරුවන් ගාමිණී එපා යනුවෙන් කෑගසද්දී ඹහු සිය ජීවිතය සිය සහෝදර මිතුරන් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුදකලේ ශ්‍රී ලංකා හමුදාව්‍ෙ ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙමිනි.

AHAU · 462 weeks ago
wije · 462 weeks ago
weerayo · 462 weeks ago
lakpriya · 462 weeks ago
lal · 462 weeks ago
ratawesiya · 462 weeks ago
kalyani · 462 weeks ago
yasiru · 453 weeks ago