Dec
18
වෙළෙඳ පොළක් සහ මාලු වෙළෙඳ සංකීර්ණයක් වසා දමයි
යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ වෙළෙඳ පොළ සහ මාලු වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමගය.
එම වෙළෙඳ පොළ සහ වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔවුන්ගෙන් 08දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇත.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහන් කළේ සංගානෙයි වෙළෙදපොළේ වෙළෙදුන් සහ මරදනාමඩම් වෙළෙඳපළේ කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු සමග පැවැත්වූ සම්බන්දතා හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
ඒ අනුව සංගානෙයි වෙළෙඳ පොළ සහ මාලු වෙළෙද සංකීර්ණයේ සියලුම වෙළෙන්ඳන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබේ.