Dec
17
කොරෝනා අසාදිත මවගේ සිව් නිවුන් දරු උපත ලෝක වාර්තාවක්
එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්තුඩුව හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙු බිහි කළ මව 29 හැවිරිදි මරදාන - කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.
මව සහ දරුවන් සිව්දෙනා නිරෝගි සුවයෙන් පසුවනවා.
කොරෝනා අසාදිත මවක් මෙරට සිවු නිවුන් දරුවන් බිහි කළ පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම ගැබිණි මව්වරුන් ලක්ෂ 7 කින් එක් මවක් මෙලෙස සිවු නිවුන් දරුවන් බිහි කරනු ලබන අතර මෙම සිසේරියන් සැත්කම විශේෂත්වය වන්නේ එය සිදු කිරිමට වෛද්‍යවරුන් සිවිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලය 39 දෙනෙකු සහභාගි විමයි.
දරුවන් සිව්දෙනාට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වී ඇති අතර පී.සී.ආර් පරික්ෂණ සඳහා අදාළ සාමිපල යොමු කර ඇති නමුත් එහි ප්‍රතිඵල හෙට ලැබිමට නියමිතයි.
පසුගිය 29 වනදා ඇය “ද සොයිසා කාන්තා රෝහලට” ඇතුළත් වන අවස්ථාවේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එහෙත් සිව් නිවුන් දරුවන් බිහි කිරීමට සිටින නිසා මෙම මවට විශේෂ පහසුකම් සලසා දී ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තා.