Dec 19

16 හැවිරිදි දැරියට හදි කළ නරුම කථිකාචාර්යට ලැබුණු දඬුවම


වයස අවුරුදු 16 ක දැරියක් තම නිවස තුළදී දූෂණය කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අංශයේ හිටපු කථිකාචාර්යවරයකු බරපතළ වැඩසහිත වසර 15 ක සිරදඬුවමකට, රු. විසිපන් දහසක දඩයකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 17 දා නියෝග කළේය. වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසට ද චූදිතට නියම කෙරිණි.

දඩුවම් නියම වූයේ ශාම්‍ය කිත්සිරි හේවක්කොට්ටි නමැත්තකුටය. 2007 මැයි 1 වැනිදා සහ එම වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා අතර කාලයේදී බලංගොඩ බඹහින්නේදී වයස 16 දැරියක් දූෂණය කළේ යැයි මොහු අධිචෝදනා ලැබ සිටියේය. ඔහු චෝදනාවට නිවැරදිකරු බව පවසන ලදුව ඉතා දීර්ඝ ලෙසින් නඩුව විභාග කෙරිණි. ඉන් අනතුරුව මොහු චෝදනාවට වරදකරු බවට විනිසුරුවරයා නිගමනය කළේය.

විත්තිකරු වරද සිදු කරන අවස්ථාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරයා ලෙස සේවය කළ බවත් දරිද්‍රතාවෙන් පෙළුණු දැරිය පාසල් යැවිය හැකි බව පවසා ඇගේ මවගෙන් ඉල්ලාගෙන තම නිල නිවසේ රඳවාගෙන සිටියදී එම නිවසේදී ඔහු වරද සිදුකර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විනි.

කථිකාචාර්යවරයකුව සිටියදී තවමන්ගේම දියණිය වැනි 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම බරපතළ අපරාධයක් බවත් එවැනි වරදක් සිදුකරන පුද්ගලයකුට දඬුවම් නියම කිරීමේදී කිසිවිටෙකත් ලිහිල්ව කටයුතු කළ නොහැකි බවත් දඬුවම සමාජයට ආදර්ශයක් සපයන්නක් විය යුතු බවත් විනිසුරු ප‍්‍රකාශ කළේය.

විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ආයාචනයක් කරමින් විත්තිකරු හෘදයාබාධයකින් පෙළෙන බවත් එසේම ඔහුගේ එක් අතක් පණ නැති බවත් පවසා විත්තිකරුට ලිහිල් දඬුවමක් පවනවන ලෙසට ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අක්බෝ පණ්ඩිතරත්න මහතා කරුණු සඳහන් කරමින් සමාජයට දැනුම දෙමින් ආදර්ශවත් ලෙස හැසිරිය යුතු උගත් පුද්ගලයකු වන විත්තිකරු කර ඇති අපරාධයේ ස්වභාවය අනුව ඔහුට නියම කරන දඬුවම කිසිම අයුරකින් ලිහිල් නොකරන ලෙසත් දිය හැකි උපරිම දණ්ඩනය ඔහුට නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය. විත්තිකරුට නියම කළ රුපියල් 25,000 ක දඩය නොගෙවුවහොත් අමතරව මාස 6 ක සිරදඬුවමක් ද වන්දි මුදල

නොගෙවන්නේ නම් තවත් වසර 1 ක සිරදඬුවමක් ද ඔහුට නියම කළ අතර එම සිරදඬුවම් එකක් පසුව එකක් බැගින් ගෙවී යා යුතු වේ.

තිලකසිරි දෑල බණ්ඩාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.