Dec
19
නයිජීරියාවේ සිට අකුරණට එවු පාර්සලය
මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන වියළි කොළ තොගයක් නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබේ.
හිස කෙස් කළු පැහැ ගැන්වීම සඳහා භාවිතා කරන හෙනා නිෂ්පාදන බව පවසමින් අදාළ පාර්සලය නයිජීරියාවේ සිට මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට කටුනායක ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය වෙත එවා තිබු බව වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය කොළ තොගය ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් වෙත පරීක්ෂා කිරීමට යොමු කර තිබූ අතර එහිදී එය මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.
මෙම කොළ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.