Dec
24
දතක් රෝහලට යැවූ පොලිස් නිලධාරින්ට මුදල් ත්‍යාග
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව හේනාවල හන්දිය අසල සුදු ඉර මතින් ගමන් කරමින් සිටි 15 හැවිරිදි දැරියක ලොරි රථයක ගැටීමෙන් පසු ඇයගේ දතක් ගැලවී ගොස් ඇති අතර, එම දත කඩිනමින් රෝහල කරා ගෙන ගිය කඩුගන්නාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට මුදල් ත්‍යාග හිමිවී තිබේ. මෙසේ මුදල් ත්‍යාග හිමිවී ඇත්තේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු පො.සැ. එස්. ජී. වයි. එන්. නිශ්ශංක (46068) හා පො.කො. එස්. ජී. පී. ධර්මසිරි (46860) යන දෙදෙනාටය.
අංක 19/07 ගම්පොළ පාර, කඩුගන්නාව ලිපිනයේ පදිංචි එරංගි මල්ෂා (15) දැරිය මෙසේ රිය අනතුරකට ලක්වීමෙන් පසු එම ස්ථානයට පැමිණි මෙම නිලධාරීන් දෙදෙනා විසින් දැරිය රෝහලට යවා අනතුර සිදුකළ රියැදුරා පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අවස්ථාවේ දැරියගේ ගැලවුණු දත මාර්ගයේ වැටී තිබී එම දත කඩිනමින් රෝහල වෙත යවා ඇත.
අදාළ ක්‍රියාව නිසා දැරියගේ ගැලවුණු දත බද්ධකිරීමට හැකි වී ඇත.
විජේරත්න හල්ඔලුව – හාරිස්පත්තුව