Dec 31

ගුවන් හමුදාපතිට ජනපතිගෙන් උපන්දින තෑග්ගක් (Video)


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් කැබැතිගොල්ලෑව, කණුගහවැවදී ගම සමඟ පිළිසඳර සිව්වැනි අදියර ඊයේ පැවැත්වුණු අතර තලගහ වැව, හල්මිල්ල වැටිය, තම්මැන්නාව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ආදී ප්‍රදේශයේ ගම්මාන ආශ්‍රිත ජනතාවගේ ගැටළු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

ජනගහනය 3385ක් පමණ වන කණුගහවැව ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන ජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් එම ගම්මානය පුර්ණ සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර කල ජනාධිපතිවරයා අද දින සිය උපන්දිනය සමරන ගුවන් හමුදපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතාට ලබාදෙන උපන්දින තෑග්ග ලෙසින් කණුගහවැව ගම්මානයේ සංවර්ධන කටයුතු ඔහු ඇතුළු විරෝධාර රණවිරුවන්ට භාර කොට ඇත.

ලබන වසරේ සිය 70 වන සංවත්සරය සමරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම ගම්මානයේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් සංවර්ධනය කිරීමට ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා සුදානම් බවත් කණුගහවැව ගම්මානයේ සියළු අවශ්‍යතා සපුරමින් පරිපුර්ණ ගම්මානයක් ලෙස සංවර්ධනයකොට ලබන වසරේ ගුවන්හමුදා 70වන සංවත්සරය සමරන මාර්තු 3 වනදා ජනතා අයිතියට පැවරෙනු ඇත.

මේ අනුව කැබැතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේ හා ඒ ආශ්‍රිත ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවීම උදෙසා ප්‍රදේශයේ සිටින වැව් පිළිසකර කිරීම, නව ග්‍රාම නිලධාරී කොට්ඨාස ඇති කිරීම, වන අලි ගැටලුව විසඳීම පිණිස අලි වැට ඉදිකිරීම, වනජීවී රක්ෂිත ආශ්‍රිත ගැටළු නිරාකරණය, සේවා පියස හා වනජීවී කාර්යාල ඉදි කිරීම, ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය, පානීය ජල පහසුකම් මෙන්ම වැසිකිලි ආදී සනීපාරක්ෂක පද්ධති සංවර්ධනය, කණුගහවැව ප්‍රථමික විද්‍යාලයේ ගුරු නේවාසිකාගාරයක් ඉදි කිරීම සහ ගුරු හිඟයට පිළියම් යෙදවීම ආදී තීන්දු රැසක් ගනු ලැබූ අතර ගුරු ගැටළු විසන්දෙනතුරු ගුවන් හමුදාව විසින් ගුරුවරු සපයමින් දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමටද තීරණය කිරීම විසේෂත්වයක්.

තවද ප්‍රදේශයේ ජනතාවගේ ජීවිකාව ලෙස පවතින ගව පාලනය සහ මී මැසි කර්මාන්තය ආශ්‍රිත ගැටළු විසඳීමටත් බඩඉරිඟු ගොවියා මුහුණදී සිටින සේනා දළඹු උවදුර පාලනය කිරීමට මෙන්ම ගොවි ජනතාවට සිය වගා කටයුතු වලදී මුහුණපාන ගැටළු විසඳීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කොට තිබෙනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.