Dec 31

ජනවාරි 01 සිට වට්ස්ඇප් අහිමිවන දුරකථන වර්ග මෙන්න


ලෝකයේ බහුලවම භාවිත වන සමාජ ජාල පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන වට්ස්ඇප් සේවා 2021 ජනවාරි 01 වැනිදා සිට සමහර අයි-ෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල ක්‍රියා විරහිත වනු ඇති බවට සඳහන් වෙයි.

මෙම මෘදුකාංගයේ නවතම යාවත්කාලීන ක්‍රමවේදයන් පැරණි ඇපල් මෙහෙයුම් පද්ධතින් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඇති දුරකථන තුළ ක්‍රියාත්මක වීමට ඇති තාක්ෂණික පහසුකම් නොමැති වීම නිසා මෙලෙස එම දුරකථන තුළින් වට්ස්ඇප් මැසේජ් සේවාව ඉවත්ව යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘WhatsApp FAQ section’ නම් වට්ස්ඇප් පරිශිලකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේවාව ලබාදී ඇති තොරතුරු අනුව වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වීමට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථනවල ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 මෙහෙයුම් පද්ධතිය හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වන අතර, ඇපල් ස්මාර්ට් දුරකථනයන් සඳහා iOS 9 මෙහෙයුම් පද්ධතිය සහ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වේ.

Phone 4, iPhone 4s, iPhone 5, iPhone 5S, iPhone 6, iPhone 6S යන දුරකථනයන් සඳහා වට්ස්ඇප් මැසේජ් සේවාව අහිමි වනු ඇත.

එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන HTC Desire, Motorola Droid Razr, LG Optimus Black, Samsung Galaxy S2 වැනි ස්මාර්ට් දුරකථනවලටද මෙම සේවාව අහිමි වනු ඇත.

තමන්ගේ දුරකථනයට මෙම සේවාව අහිමි වනවාදැයි බැලීමට..

ඇපල් දුරකථනයක් නම්
Setting menu > General > About > Software යන පිළිවෙළට ඔබට වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වනවාදැයි බැලිය හැකිය.


ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම්
Setting menu > About Phone යන ආකාරයට ගොස් ඔබේ දුරකථනයේ වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වනවාදැයි බැලිය හැකිය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.