Dec
01
රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබි හිදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (01) උදෑසන රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ, සැකකරු පෙරේදා (29) වන දින අත්අඩංගුවට පත්ව ඇති බවය.
2018 මැයි 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතනයට ලක්විය.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රංජන් ද සිල්වා මහතාට වෙඩි තබා තිබුණේ ඔහුගේ පුත් රමාල් සමග තිබූ ආරවුලක් මත බව පසුව අනාවරණ කර ගැනුණි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“මේ සිද්ධියේ දී ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා ඝාතනය කරනු ලැබුවා වෙඩි තබා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. නමුත් මේ ප්‍රධාන සැකකරු රටින් පළායෑමක් සිදුවුණා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඔහු පළායෑමත් සමග විශේෂයෙන් මේ ගැන පරීක්ෂණ පවත්වලා අපරාධකරුගේ තිබෙන ඍජු සම්බන්ධය අනාවරණය කර ගත්තා. ඒ අනුව අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික පොලීසියට අපි ඉල්ලීමක් කරා. මේ සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිවල ජීවත්වන බවට තොරතුරු තියෙනවා. ඔහුට රතු නිවේදනයක් නිකුත් කරන්න කියලා. ඒ අනුව ඒ ඉල්ලීම අනුව ජාත්‍යන්තර පොලිස් මුලස්ථානය රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එවැනි අවස්ථාවක දී ඒක ලෝකයේ සෑම රටකටම යවනවා. ඒ අනුව රතු නිවේදනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි පොලීසිය ධර්මසිරි නැමති සැකකරු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ තියෙන පොලිස් ශාඛාවට දැනුම් දීලා තියෙනවා ඔහු සම්බන්ධයෙන් උදර්පණ නීතිය අනුව කටයුතු කරන්න කියලා.“