Dec
01
මෙරට වසරකට ළමා මව්වරුන් 50ක් - ළමා අපයෝජන දස දහසක්
මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බවට හදුනාගෙන ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
ශී‍්‍ර ලංකාවේ දිස්ත‍්‍රික්ක 25න් වසරකට ළමා අපයෝජන 10,000ක් පමණ ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, මින් මොනරාගල, පොළොන්නරුව,අනුරාධුපර වැනි දිස්ත‍්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධීන් විශාල වශයෙන් වාර්තාවන බවද සඳහන් කරයිි.ළමා අපයෝජන හා හිංසන නිසා වසරකට මොනරාගල දිස්ත‍්‍රික්කයෙහි ළමුන් 500 දෙනකු පමණ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි. එමෙන්ම මොනරාගල දිස්ත‍්‍රික්කයේ වසරකට ළමයින් 10 දෙනකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ද ඒ මහතා පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා මෙසේද කිවේය.
‘‘ගැබ්ගන්නා ළමා මව්වරුන් ස`දහා අවශ්‍ය රැුකවරණය ලබාදීමට කිසිදු රෝහලක රැදවුම් මධ්‍යස්ථානයක් දක්නට නැහැ. ළමා අපයෝජන හා කාන්තා හිංසනයට ලක්වුවන්ට නීතියේ පිළිසරණ ලබාදීම අවශ්‍යයි. ප‍්‍රතිකාර ලබාදීමට යොමුකරන අතරතුර ඔවුන් පුනරුත්ථාපනය කොට යළි සමාජගත කිරිමේ පසුබිම සකස් කළ යුතුයි.
මෙසේ අපයෝජනයට හා ළමා මව්වරුන් බවට පත්වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට රෝහල් පහසුකම් ප‍්‍රමාණවත් අයුරින් තිබෙනවා. එහෙත්
ගැබ්ගන්නා ළමා මව්වරුන් වෙනුවෙන් ළමා ගර්භණී නිවාස නොමැති වීම නිසා දිගුකාලීන ප‍්‍රතිකාර හා රැුකවරණ ලබාදීම මානසික තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු ආරක්ෂා කිරිම ගර්භණී දැරියන්ට නේවාසික පහසුකම් සැලසීම යන කරුණුවලදී නිසි ක‍්‍රමවේදයක් සකස් කිරිමට තවමත් නොහැකි වී තිබෙනවා’’
ලලිත් චාමින්ද සහ එස්.කේ.කළුආරච්චි