Dec 11

රථ වාහන ආනයන තහනම ලිහිල් කරනවා ද?


රථවාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් මේ වන තෙක් පැන නැගී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය - සල්ලි අච්චු ගහල ද 2021 මේ අයවැය හිඟය මකා ගන්න යන්නේ ?

“ඒ ආණ්ඩුව ණය අරගෙන ත්‍රිලියන 7 තිබුණ ත්‍රිලියන 13 බවට පත් කරලා රුපියල අව ප්‍රමාණය කරලා පොළී අනුපාතය වැඩි කරලා කලබල වෙන්න තත්ත්වයක් ඒ අය මවලා දුන්නා. ඒකෙන් කියවෙන්නේ නෑ අපිත් කලබලවෙලා එහෙ මෙහෙ දුවනවා කියලා. අපි ඒකට මුහුණ දෙනවා. මෙතන දී සමහර අවස්ථාවලදී සල්ලි අච්චු ගහන්න වෙනවා. සමහර අවස්ථාවලදී ණය ගන්න සිදුවෙනවා. “

ප්‍රශ්නය - රජයේ එදිනෙදා වියදම් පියවා ගන්න හැම සතියේ බදාදාම මං හිතන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වනවා. එතකොට වෙනදේසිවලින් අපේක්ෂිත ආකාරයෙන් මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ නෑ කියලා තමයි දැනට අපිට දැන ගන්න තියෙන්නේ.

“රජයට අවශ්‍ය නම් මිලියන 40ක් බිට්ස් කෝල් කරනවා. මිලියන 25ක් විතරයි ලැබෙන්නේ අවශ්‍ය පොලී අනුපාතය අනුව. ඒත් අවශ්‍යයි 40යම. සමහර විට මහබැංකුව ඒ අවස්ථාවේ දී මුදල් අච්චු ගහලා ඒක ගන්න පුළුවන්. පස්සේ තව දවසක මහ බැංකුවට පුළුවන් ඒක සෙකන්ඩ්‍රි මාර්කට් එකේ විකුණන්.“

‍ප්‍රශ්නය - ඔබ තුමන්ලා සෑහෙන්න බදු ප්‍රමාණයක් අඩු කරා. නමුත් බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ගියා ද කියන ප්‍රශ්නය අදටත් තියෙනවා.

“2019 දී උපකල්පනය කරලා තිබුණා රුපියල් බිලියන 2200ක් එකතු කර ගන්න. ඒ කියන්නේ ඉහළ බදු ප්‍රතිශතයන් යොදවලා. එතකොට එකතු කර ගන්න පුළුවන් වුණේ, 1800යි. 400ක් අඩු වුණා. අපි වැඩි කරගන්න ඕනේ අපේ රටේ තියෙන ආර්ථික ක්‍රමවේදයන්. එතකොට බදු වැඩි වෙනවා අනිවාර්යෙන්ම. එතනට යන්නේ නැතුව බදු ප්‍රතිශතය වැඩි කරන් ගිහින් අපිට මෙච්චරක් අහිමි වුණා කියලා කිව්වට වැඩක් නෑ.“

ප්‍රශ්නය - ආනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ රථ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නැවතුණා. මොකද්ද ඔබ තුමාට කියන්න තියෙන්නේ?

“තහනමක් දැම්මේ යම්කිසි ජාතික හේතුවක් නිසා. අපේ මතය තමයි අපේ රටේ තව අවුරුද්දක් යනකල් අලුත් වාහන තියෙනවා කියන එක. එකෙන් ලොකූ හානියක් වෙන්නේ නෑ මාර්කට් එකට. ගානත් වැඩි කරලා තමයි විකුණන්නේ දැන්. ඒ වාසියත් ඒ අයට ලැබෙනවා. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවශ්‍යතාවයක් මෙතනදී පෙන්නේ නෑ. “
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.