Dec 12

මාස්ක් ජාවාරමේ සුල මුල මෙන්න


නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මුව ආවරණ කෝටි දහතුනක් මෙරටට ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ආනයනකරුවන් බලපත්‍ර ලබා ගෙන තිබේ.

ආනයනකරුවන්ගේ ලේඛන සහ මුව අවාරණ ප්‍රමාණයද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයන අපනයන පාලකවරයා වෙතද යොමු කර තිබේ. මෙහිදී සායනික නොවන කේ.එන්. 95 වර්ගයේ මුව ආවරණ ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගෙනතිබේ. එහෙත් කොවිඩ් – 19 වයිරසය ආරම්භ වූ මාර්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා පමණක් මුව ආවරණ කෝටි දහතුනක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තාවල සඳහන් වෙයි.

කෙසේ වෙතත් ආනයනකරුවන් ප්‍රමිතියෙන් තොර මුව ආවරණ චීනය, හොංකොං ඇතුළු රටවලින් ආනයනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියද හඳුනාගෙන ඇති අතර ඒ පිටුපස ජාවාරමක් ක්‍රියාත්මක බවටද සැක පහළ වී තිබේ.

සාමාන්‍ය ජනතාවගේ දෛනික භාවිතය සඳහා සායනික මුහුණු ආවරණ සෞඛ්‍යාරක්ෂිත බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ප්‍රකාශ කරයි.

එම නිසා මුව ආවරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුවත්පත් දැන්වීමක් ඉදිරියේදී පළකරන බවද ඔහු පැවැසීය. මුව ආවරණ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළද මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊට අත්සන් කර නැත. කෙසේ වෙතත් ආනයනකරුවන් වැඩි වීමනිසා කේ.එන්. 95 වර්ගයේ මුව ආවරණ තොග මිල රුපිල් 65 දක්වාද අඩු වී තිබේ.

මේ අතර පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල දෛනිකව ඉවත ලන සායනික අපද්‍රව්‍යයක් වන මුව ආවරණ විනාශ කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් පළාත් පාලන ආයතන 341ක නොමැති බව පරිසර අමාත්‍යාංශය හඳුනා ගෙන තිබේ.

දෛනිකව මුව ආවරණ මිලියන හයක් පමණ ඉවත ලන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබුණි. එම මුව අවාරණ එකතු කිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම පරිරස අධිකාරිය මාර්ගෝපදේශ මාලාවක් පළාත් පාලන ආයතනවලට ලබා දී තිබේ. සෞඛ්‍ය ආයතනවල එකතු වන සායනික අපද්‍රව්‍යද පෞද්ගලික ආයතන මගින් විනාශ කරයි. එහෙත් බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කරන්නේ නිරෝධායනයට ලක් වන පුද්ගලයන් නිවාසවල භාවිත කරන මුව ආවරණ සහ අනෙකුත් ද්‍රව්‍ය පළාත් පාලන ආයතනවල ආදාහනාගාරවලදී විනාශ කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි. දින තුනකට වරක් එම අපද්‍රව්‍ය පළාත් පාලන ආයතනවලට ලබා දිය හැකි බව එහි අධ්‍යක්ෂ නලීන් මානප්පෙරුම පැවැසුවේය.

උදයජීව ඒකනායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.