Dec
12
ඝණ්ඨාර ලණුවේ ගෙල සිරවී පාසල් සිසුවා ජීවිතක්ෂයට
ඝණ්ඨාර ලණුවේ එල්ලී සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙළ සිර වී (11) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව නොර්වුඞ් පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නොර්වුඞ් ඩන්කන් වත්තේ ඉහළ කොටස් පදිංචි අවු. 8 වයසැති විග්නේෂ්වරන් දිලූක්ෂන් නමැති පාසල් සිසුවෙකි.
මියගිය සිසුවා පවුලේ තෙවැනියා වූ බවත් එම සිසුවා නොර්වුඞ් ඩන්කන් දමිල විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බව නොර්වුඞ් පොලිසිය පවසයි.
ඝාණ්ඨාර ලණුව ගෙළ ප‍්‍රදේශයේ සිර වී පාසල් සිසුවා ලණුවේ එල්ලී සිටියදී වතු අධිකාරිවරයා විසින් දැක ඒ පිළිබද වතු කම්කරුවන් වෙත දැනුම් දී ලණුවේ ගෙළ සිර වී සිටි සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් සිසුවා මියගොස් සිටි බව පොලිසිය පැවසුවේ.
මිය ගිය පාසල් සිසුවාගේ සිරුර මස්කෙලිය ප‍්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යොමු කරන බව නොර්වුඞ් පොලිසිය පැවසීය.
පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් නොර්වුඞ් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නාලක රත්නායක