Dec 12

බාලවයස්කාරිය ෆේස්බුක් පෙම්වතා සමග ගහක් උඩ පැළක මධුසමයේ


මුහුණ පොත හරහා ඇති වූ දැන හැඳිනගැනීමක් මත බාලවයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතවර කළ අම්බලන්තොට තරුණයකු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය පෙරේදා (10 දා) නියෝග කළාය.

14 හැවිරිදි සිය දියණිය පසුගිය 08 දා සිට නිවසින් අතුරුදන් වී ඇති බවට දැරියගේ පියා විසින් ලූණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට පත් සැකකරු හා බාලවයස්කාරියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු හා බාලවයස්කාරිය අතර මුහුණ පොත හරහා වසර එක හමාරක පමණ කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

දැරියගේ ඉල්ලීම අනුව සැකකරු දැරියගේ නිවස අසලට ගොස් තිබේ. එම අවස්ථාවේදී ඇය පෑන් දෙකක් රැගෙන ඒමට කඬේට යන බව පවසා නිවසින් එළියටවිත් සැකකරු සමග පලාගොස් තිබේ.

දුරකතන ඇමතුම් වාර්තා හරහා සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු ප‍්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී පෙරේදා අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී මහෙස්ත‍්‍රාත් වරිය සැකකරු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

ලූණුගම්වෙහෙර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. එල්. ජී. නිමල්, කා.පො.සැ. (5871) රම්‍යා, පො.සැ. වරුන් වන (58269) ලාල්, (44974) මංජුල හා පො.කො. (77923) හේරත් යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

දිලීප් එන්. ජයසේකර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.