Nov 29

වොල්ගා ප්‍රෙග්නට්ද ? නැද්ද ?


වොල්ගා කල්පනී ගැන මේ දිනවල අන්තර් ජාලයේ හරි හරියට කතා මැවෙනවා. ඇත්තටම වොල්ගා ප්‍රෙග්නට් ද? ආපසු ආදරයෙන් පැරදිලාද? බිනෝජ්ගෙන් ඈත් වුණාද? යූ ටියුබ් නාලිකා පට්ටගහන මේ කතාවල ඇත්ත නැත්ත ගැන වොල්ගා අපිට කෙළින් උත්තර ටිකක් දුන්නා. ඒ ටිකක් සැර කතාවක්.

* වොල්ගාගේ පුද්ගලික ජීවිතය ගැන මේ දිනවල අන්තර්ජාලයේ හරි හරියට කතා බහ වෙනවා නේද?

ඇත්තටම මට තේරෙන්නේ නැහැ මගේ වාසනාවද අවාසනාවද කියලා. මට හිතෙනවා, ගොඩක් යූ ටියුබ් චැනල් කරන අය මට ආදරෙයි කියලා. ඔවුන් අනවශ්‍ය ලෙස මට වැඩිය මගේ ජීවිතය ගැන හිතනවා. විශේෂයෙන් මම මේ කියන්නේ අලූතෙන් යූ ටියුබ් හදාගන්න නංගිලා මල්ලිලා හරි අයියලා අක්කලා හරි නැන්දලා මාමලා හරි ඒ ඕනෑ කෙනෙක් අපේ කලාකරුවෙක් හැරුණත් වැරදි විදියට හැරුණ කියලා තමයි දාන්නේ. මම හරි කැමැතියි.

* විශේෂයෙන් පුවත්පත් සාකච්ඡුාවල යන කරුණු පවා යූ ටියුබ් නාලිකාවල හඬ කවලා පළ කරනවා. මොකද ඒ ගැන හිතන්නේ?

මම නිළියක් විදිහට විරුද්ධයි. ඇත්ත කතාව පුවත්පත්වල අය මට කතා කරලා මහන්සිවෙලා කෝල් තුන හතරක් අරගෙන ඉන්ටර්වීව් එක ගන්නවා හැබැයි ඒ ඉන්ටර්වීව් එක ගන්න මාධ්‍යවේදියාගේ නම විතරයි ඊට පස්සේ බොරු මාතෘකාවක් දාලා වීව්ස් වැඩි කරන්න ඒක හඬ කවලා දානවා විශේෂයෙන් පුවත්පත්වල මාධ්‍යවේදීන් සහ අප අතරේ තියෙන්නේ බොහොම ගෞරවනීය සම්බන්ධයක්. ඒ ගෞරවනීය සම්බන්ධය පුවත්පත්වල අය සහ අප අතර සමාන නැහැනේ. අපිත් බොහොම සාමාන්‍ය මිනිස්සු මම නම් ඇත්තටම මේකට කියන්නේ හි`ගාකනවා කියලා.

* එතකොට වොල්ගා බිනෝජ් ආදර කතාව බිඳවැටුණු කතාවත්, බොරුවක්?

මම මෙහෙමයි කෙනෙක්ව විවාහ වෙලා හිටියා නීත්‍යනුකූල විවාහයකට මගේ මනස නැවත හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතිං මම හිතනවා, මට ඉස්සර වෙලාම මානසිකව ස්ථාවර බවක් ඕනෑ. ආපසු විවාහ වෙන්න. මම හිතනවා. මගේ මානසික මට්ටම හරියට හදාගත්තු දවසක මට ආපසු දෙයක් කරන්න පුළුවන් වෙයි.

* වොල්ගාගේ ආදර කතාව නතර වුණාද? නැතිනම් විරාමයක් තිබ්බාද?

මෙහෙමයි. බිනෝජ් පීරිස්ගේ අවලංගු කාසියක් කියන මියුසික් වීඩියෝ එක ජනප‍්‍රිය කරවගන්න එන ඒ දේවල් නිසා මම බිනෝජ්ගේ පෙම්වතිය කියලා හැම දෙනාටම කිව්වා. බිනෝජ්ගේ විතරක් නෙවෙයි තව තව අයගේ නම් මට ඈඳුණා. කෙටියෙන් කිව්වොත් මම නම් දැන්ම විවාහයකට සූදානම් නැහැ.

* දැනට පෙම්වතියකුත් නෙමෙයි

මෙහෙමයි මම ඒකට උත්තරය මම පෙම්වතියක් නෙමෙයි කියලා දුන්නොත් හරි හැබැයි ඕනෑ කෙනෙකුටම ආදරය කරනවා ඕනෑ කෙනෙක්ට ආදරෙයි මම දික්කසාද ගැහැනියක් පෙම්වතිය කියන වචනය මට සුදුසු වචනයක් නෙමෙයි.

* ජීවිතය ගැන ගන්න තීන්දු තීරණ ගැන පසුතැවීම් තියෙනවාද?

නැහැ. මගේ ජීවිතයේ ගන්න තීන්දු තීරණ ගැන පසු තැවීම් නැහැ. මොකද සාමාන්‍ය ජීවිතයේ කලා ජීවිතයේ වගේම මගේ මිතුරන් සම`ග ගෙවන ජීවිතයේදී මම තීන්දු තීරණ ගනිද්දී මම හිතනවා. මම වගේ අනෙක් මිනිස්සුත් ඇති කියලා මම ජීවිතයේ මිහිරි පාඩම් නෙමෙයි අමිහිරි පාඩම් ඉගෙන ගෙන තියෙනවා. මගේ ජීවිතයේ තීරණ ගැන නම් මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේක තමයි මගේ දෛවය කියලා.

* බිනෝජ්ගේ සින්දුව මාර්කට් කරන්නද ඒ කාලේ ඔයා ඔහුගේ පෙම්වතිය කියලා කිව්වේ?

ඔව් මෙහෙමයි අවලංගු කාසියක් කියන මියුසික් වීඩියෝ එක ඇතුළේ මම හැමදාම බිනෝජ් පීරිස්ගේ පෙම්වතිය. බිනෝජ් කියන්නේ මම කුඩා කාලයේ ඉඳලා අඳුරන හිතවත්කමක් තිබුණ මිතුරෙක්. ඒ හැමදේම හරහා කියන්නේ සැමියා කියන වචනයට පුදුමාකාර විදිහට ගැලපෙන කෙනෙක්. බිනෝජ්ගේ තියෙන ගතිගුණ ඒ කැප කිරීම් කියන සියල්ලට මම ගොඩක් කැමැතියි. ගොඩක් ආදරය කරනවා.

* එතකොට මේ කතාවේ තේරුම මොකක්ද?

මම හිතනවා මට තේරෙන විදිහට මම නීත්‍යානුකූල විවාහයක් විශ්වාස නොකරන එකයි මට තියෙන ප‍්‍රශ්නය.

* ඇත්තටම ඔබ බිනෝජ් එක්ක විවාහ වෙන්න අකැමැතිද?

බිනෝජ්ව නෙමෙයි කොහොමටත් වොල්ගා කල්පනී කියන්නේ නීත්‍යනුකූලව කොලයකට සීමා වෙච්ච විවාහයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මොකද මට එහෙම කොලයක් තිබුණා. එතකොට ඒ කොලයේ වටිනාකම දවස් දෙකක් ගංගොඩවිල උසාවියට ගියාට පසුව නැති වුණා මම කියන්නේ මට එහෙම කොලයක් මගේ ජීවිතයට අවශ්‍ය නැහැ.

* ආපසු විවාහයක් ගැන හිතන්නේ නැහැ එහෙම වෙයිද?

මම අර කලින් කිව්වා වගේ මගේ මානසික මට්ටම හදාගන්න ඕනෑ. මොකද මේ ලංකාව මේක සාම්ප‍්‍රදායික රටක් මටත් දෙමවුපියන් ඉන්නවා.

* ඔබ මානසිකව වැටිලා නේද ඉන්නේ?

ඔව් මම මනසින් වැටෙන චරිතයක් නෙමෙයි. නමුත් මම හිතනවා

පසුගිය දවස්වල මගේ ජීවිතයේ සිද්ධ වුණු දේවල් මම අනවශ්‍ය ලෙස කල්පනා කළාදෝ කියලා. මට හිතෙනවා ලංකාවේ ඉන්න අනෙක් ගැහැනුත් වොල්ගා වගේ කියලා විශ්වාස කළා. වෙන අය ඉක්මනට මේ තීරණය ගත්තාට මට කල්යයි.

* යළිත් ආදරයෙන් පැරදුන නිසාද මෙහෙම කලකිරීම් ඇතිවෙලා තියෙන්නේ?

මම කරපු ආදරය මම හරියට කළා. ඒකට කියන නම වැරදීමද කියන්න මම දන්නේ නැහැ. හැබැයි කවුරුන් හෝ ඉන්න තැනක හොඳින් ඉන්නවා. හොඳින් ඉන්න ඕනෑ. මාව නොගැලපෙන නිසානේ කවුරුන් හෝ ගිය කෙනෙක් ගියේ. හැබැයි වෙන බිරින්දෑවරු වගේ ශාප තියන්න වන්දි ඉල්ලන්න යන පහත් මට්ටමේ කෙනෙක් නෙමෙයි. මම සමහර විට පැරදිලා ඇති.

* ඔය අතරේ වොල්ගා ප්‍රෙග්නට් කියලා කතාවකුත් පැතිරුණා නේද?

ඇත්තටම කිව්වොත් මට පසුගිය දවස්වල සිංහලෙන් කිව්වොත් හදන්න ඕනෑ කතාන්දර සියල්ලම හැදුවා. මම විවාහකයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා. කිසිම විවාහකයෙක් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. මම දන්නේ නැහැ මගේ නමට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ඈඳුවා. එතකොට ගායකයෝ ඇඳුවා. ගොඩක් දේවල් මගේ නමට ඈඳුවා. හැබැයි ඒ හැම වෙලේම පේ‍්‍රක්‍ෂකයෝ මාත් සම`ග හිටියා. ඒකට ගොඩක් පින්. ඔව් පසුගිය දවස්වල මම ගැබ්ගෙන කියලත් කතාවක් පැතිරුවා ඒ සියල්ල බොරු එහෙම කිසිම දෙයක් නැහැ. මම සාමාන්‍ය පරිදි මගේ වැඩ කරගෙන ජීවත් වෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.