Nov
29
තවත් ටිපර් රථයක් පොලිස් නිලධාරියෙකු යට කර පළා යයි - පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට
නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් උත්සාහ කිරීමේදී එහි රියදුරු විසින් පොලිස් කොස්තාපල්වරයෙකු යටකරගෙන පලා යෑමෙන් කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්ත 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ රාත්‍රී 12.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බවයි.
පොලිසියට ලද තොරතුරක් මත නීති විරෝධී අයුරින් වැලි ගොඩ දමන බවට ලද තොරතුරක් අනුව කොබෙයිගනේ පොලිස් වසමේ 5 දෙනෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැටලීමකට සහභාගී වෙලා තිබෙනවා.
පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කරලා තියෙනවා ටිපර් රථයක් වැලි සමග දැඳුරු ඔයේ සිට ගමන් කරන ආකාරය. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් රථය නවත්වන්න කියලා සංඥා කරපු අවස්ථාවේ දී ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන් යටකර පළා ගොස් තිබෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් තිබෙනවා.
මේ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා කවුද කියලා. මීට පෙරත් වැලි ජාවාරම සම්බන්ධයෙන් නඩු දාලා වරදකරුවෙක් වෙච්ච කෙනෙක්. ඒ වගේම ඒ ටිපර් රථයත් හඳුනාගෙන තියෙනවා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.