Nov 20

ගර්භාෂය ගැන මම ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්


සචිනි අයේන්ද්‍රා අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ සිනමාවෙන්. පහුගිය කාලේ ඇය චිත‍්‍රපට පහක වෙනස්ම විදියේ චරිත වලට දායක වුණා. සචිනිත් සමග අපි මේ කතා කරන්න යන්නේ ඒ චිත‍්‍රපට පහ ගැන නොවේ. ඇය අලූතෙන්ම දායක වුණු ටෙලි නාට්‍ය ගැනයි. සිව් වසරකට පසු ඇය ටෙලි නාට්‍යයකට දායක වෙනවා. සචිනි සමග මේ කතාබහ ඒ ගැනයි.


* සචිනි මේ දිනවල අලූත් වැඩ කිහිපයකට අත ගහලා කියන්නේ ඇත්තද?

මේ දවස්වල අලූත් වැඩ කියන්නේ අලූත් ටෙලි නාට්‍යයකට ලෑස්ති වෙනවා. මේ පවතින තත්ත්වයත් එක්ක තිබුණු වැඩ කිහිපයක් කල් ගියා. තව පොඩි පොඩි වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා.

* ටික කලකට පසුව නේද ටෙලිනාට්‍යයක් භාරගත්තේ?

ඇත්තටම මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණෙ නැතිව නෙමෙයි. දිගට දිගට යන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගේ වැඩි කැමැත්තක් නැහැ. මොකද මම ගොඩක්ම චිත‍්‍රපට වලට තමයි සම්බන්ධ වෙන්නේ. දැනට මම චිත‍්‍රපට පහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. කාලයක් තිස්සේ මට රූගත කිරීම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒක නිසා මට හිතුනා ඉඳලා හිටලා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. ඉතිං හොඳ අධ්‍යක්ෂවරයකුගේ හොඳ තිර පිටපතක් ලැබුණ නිසා ඒක භාරගෙන වැඩ කරන්න ගත්තා.

* මේ ආරාධනාව ලැබුණේ කාගෙන්ද?

හර්ෂ උඩකන්ද කියන අධ්‍යක්ෂවරයාගෙන් තමයි මේ ආරාධනාව මට ලැබුණේ.

* මොන වගේ චරිතයක්ද මෙවර ලැබුණේ?

ඇත්තටම මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තවම ආරම්භ කරලා නැති නිසා දැන්ම ඒ ගැන වැඩි විස්තර කියන්න බැහැ. මෙවර මට ලැබුණේ මම කැමති චරිතයක්. මීට කලින් මම මේ වගේ චරිතයක් රඟපාලා නැහැ. වැඩි විස්තර පසුව කියන්නම්.

* සචිනි ජාත්‍යන්තරයත් සමග ගනුදෙනු කරනවා කියන්නේ?

ඔව්. මම ජාත්‍යන්තරය සමග වැඩ කරලා තියෙනවා. ලංකාවේ ඉන්න නිසා දැනට ඒවා සීමා වෙලා. එහෙම අවස්ථාවක් ලැබුණ ගමන් මම ඒවා බාර ගන්නවා.

* කොච්චර කාලෙකට පස්සෙද ටෙලි නාට්‍යයක් භාරගත්තෙ?

මම ටෙලි නාට්‍යයක රඟපාන්නේ ඇත්තටම අවුරුදු හතරකට පස්සේ.

* දිගු කලකට පසුව තමයි ඔබ ටෙලි නාට්‍යයක් බාර ගන්නේ?

ඒක ඇත්තටම මම ලොකුවට හිතන්නේ නැහැ. මම රූපවාහිනියේ ගොඩක් වැඩසටහන්වලට

සහභාගි වෙලා තියෙනවා. අනික මම නිතර නිතර රූපවාහිනියේ වැඩසටහන් වලට යනවා. ඒක නිසා මම රූපවාහිනියේ නැහැ කියලා අඩුවක් දැනෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය කොච්චර තිබුණත් අපි හොඳ ටෙලි නාට්‍යයක රඟපෑවොත් විතරයි මිනිස්සුන්ට අපිව මතක තියෙන්නේ. ටෙලි නාට්‍ය 10 ක රඟපෑවත් වැඩක් නැහැ මෙහෙම නිළියක් ඉන්නවද කියලා මිනිස්සු දන්නෙ නැතිනම්. ඉතිං ඒක නිසා හොඳ එක ටෙලි නාට්‍යයක රඟපෑවත් ඇති. එතකොට අපිට පේ‍්‍රක්ෂකයන් අතරට යන්න පුළුවන්. ඒක නිසා මම හැම වෙලාවෙම හොඳ නිර්මාණ තෝරා ගන්නවා.

* සචිනි ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් තෝරා ගනිද්දී හරි පරිස්සම් වෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම. දැන් මගේ ආදරණීය වස්සානය චිත‍්‍රපටය ගත්තොත් මීට අවුරුදු පහළොවකට කලින් තමයි ඒකේ රඟපෑවේ. අදටත් මිනිස්සු ඒ ගැන කතා බහ වෙනවා. මාව දැක්ක ගමන් පේ‍්‍රක්ෂකයන්ට ඒ චරිතය මතකයි. අපි නිර්මාණයක් තෝරා ගන්නකොට හරි පරිස්සම් වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් පේ‍්‍රක්ෂකයන් අතරට යන්න හරි අමාරු වෙනවා.

* කොරෝනා වසංගතයත් සමග ක්‍ෂේත‍්‍රයට ඇති වෙලා තිබෙන අර්බුදය ගැන මොකද හිතන්නේ ?

දැනට අපේ ක්‍ෂේත‍්‍රීය රූගත කිරීම් කරගෙන යනවා. මිනිස්සු ගෙදර හිටියට රූපවාහිනිය නරඹනවනේ. ගිය සතියේ මම රූපවාහිනී නාළිකාවල වැඩසටහන් කිහිපයකම රූගත කිරීම් වලට සහභාගි වුණා. නාලිකාවල වැඩසටහන් සියල්ලම වාගේ රූගත කිරීම සිදු කරලයි තියෙන්නේ. නමුත් එළියට ගිහින් එකතු වීම් වශයෙන් කරන වැඩසටහන් තමයි නැවතිලා තියෙන්නෙ. මේ තත්ත්වය වැඩිපුරම බලපාන්නේ සංගීත ක්ෂේත‍්‍රයට. මොකද සංගීත ප‍්‍රසංග පවත්වන්න බැහැ නේ. චිත‍්‍රපට කර්මාන්තයට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේක අපට විතරක් නෙමේ මුළු ලෝකයටම බලපාපු තත්ත්වයක්.

* ඔබ දායක වුණු චිත‍්‍රපට රැුසක් තිරගත වීමට තියෙනවා නේද?

ඔව්. චිත‍්‍රපට 5ක් තිරගත වීමට නියමිතයි. ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය කියන්නේ හරිම කුඩා එ්කකයක්. ඒක අපි දියුණු කරගන්න ඕනා. අපට එන සෑම ප‍්‍රශ්නයකටම මුහුණ දීලා චිත‍්‍රපට කර්මාන්තය වැඩිදියුණු කර ගත යුතුයි.

* ඔබ රඟපෑ චිත‍්‍රපට අතර වඩාත් තෘප්තිමත් මොන චරිතය ද?

මම රඟපෑ චිත‍්‍රපට අතරින් හොඳම චිත‍්‍රපටය තමයි ගර්භාෂය. ඒ චිත‍්‍රපටය තිරගත වෙනකම් තමයි මම ඇඟිලි ගැන ගැන ඉන්නේ. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ මම සහ සෞම්‍ය

ලියනගේ. අලූත් අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි වැඩ කළේ. කොරෝනා නිසා චිත‍්‍රපටය තිරගත වීම කල් ගියා. මම ගර්භාෂය චිත‍්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.

ගර්භාෂය චිත‍්‍රපටය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා නේද?

ඔව්. මට රඟපාන්න ලැබුණු චරිතය සාමාන්‍ය ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. කොටි කාන්තාවක ගේ චරිතයක් තමයි මම රඟපෑවේ. දෙමළ භාෂාව පවා මට ඉගෙන ගන්න සිද්ධ වුණා. අනික දෙමළ භාෂාව කතා කරන විලාසය වෙනස්. මොකද මම එහෙම කියන්නේ යාපනේ දෙමළ භාෂාව සහ හැටන් ප‍්‍රදේශයේ දෙමළ භාෂාවේ උච්චාරණයේ වෙනසක් තිබෙනවා. මේ දෙක ගැන හොඳ අවබෝධයකින් ඉඳලා තමයි මට වැඩ කරන්න සිද්ධ වුණේ. ඒක පුරුදු වෙන්නත් මට සෑහෙන කාලයක් ගියා. තව කොටි කාන්තාවක් විදිහට ආයුද පාවිච්චි කරන හැටි පවා ඉගෙන ගන්න සිද්ධ වුණා. හැබැයි මම ඒ හැම දේම කළේ හරිම ආසාවෙන්. මම සටන් කලාව පවා ඉගෙන ගත්තා. ඇත්තටම මේ චරිතය මට ලොකු අභියෝගයක්. මට කරන්න බැරි වැඩ ගොඩක් තමයි ලැබුණේ. හැබැයි මම ඒ හැම අභියෝගයක්ම ජය ගත්තා කියලා හිතෙනවා. ආසාවෙන් තමයි මම ඒ දේවල් කළේ. රූගත කිරීම්වලදී ගොඩක් ලොකු අකරතැබ්බ වලට පවා මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ඒ සියල්ලම ජය ගත්තා.

* ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්?

මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. හැරිලා බලද්දි හරි සතුටුයි. මට නැති වුණ දේවල් වලට වඩා ලැබුණු දේවල් වැඩියි. අනෙක මම නිතරම බලන්නේ මට නැති වුණ දේවල් ගැන නෙමෙයි, මට ලැබුණ දේවල් ගැනයි. මට හොඳ පවුලක් තියෙනවා. ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා. හොඳ රස්සාවක් තියෙනවා. ඉන්න තැන ගැන මම හරි සතුටුයි.

දිනේෂ් විතාන
ඡයාරූප - ඩයන් ප‍්‍රදීප්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.