Nov
06
විවාහ උත්සවයෙන් පසු මනාල යුවළ රෝහල් දෙකකට යවයි
මාවනැල්ලේ මංගල යුවලකට හා තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඞ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පවසයි.
රෝගීන් 11දෙනා අතර පසුගියදා මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයක මනාල යුවළක්ද වන බව ඔහු පැවසීය.
මාවනැල්ලේ පැවැති එම විවාහ උත්සවයට සහභාගි වූ 120 කට වැඩි පිරිසක්ද නිරෝධායනයට යොමු කර ඇති බව ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පැවසීය. එම විවාහයේ මනාලියගේ පාර්ශ්වයෙන් පැවැත් වූ උත්සව දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු සිදුවූ බවත් දෙවැනි දින මනමාලයාගේ පාර්ශ්වයෙන් මාවනැල්ල ඕවත්ත ප‍්‍රදේශයේ පැවැති උත්සවයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට අවනත නොවී කටයුතු සිදුව තිබූ බවත් මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මනමාල මහතා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවත් අදාළ දිනයේ උත්සවය සඳහා කොළඹින් විශාල පිරිසක් පැමිණ ඇති බවත් ඔහු පැවසීය.
කොවිඞ් අසාදිත වූ මනමාලිය උඳුගොඩ රෝහලට යොමු කිරීමට කටයුතු කර ඇති අතර මනමාලයා කෑගල්ල දිසාවේ රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝහලක් වෙත යොමුකර ඇත.
මේ වනවිට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කොවිඞ් - 19 ආසාදිතයන් 151ක් හඳුනාගෙන ඇති අතර 3,031ක් නිරෝධායනය යොමුකර ඇති බවද කෑගල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
එම්.බී. පහලවත්ත