Oct
01
මිලියන 60ක් වටිනා වාලම්පුරි දෙකක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවට
රුපියල් කෝටි 06ක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමග සැකකරුවන් 04 දෙනෙකු අද (01) අළුයම ඉමදුව පොලිස් වසමේ කොදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි ඒකකය පවසනවා.
අත්අඩංගුවට ගත් වාලම්පුරි 02ක හා සැකකරුවන් සිවිදෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඉමදුව පොලිසියට භාරදි ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දෙදෙනෙකු විසින් උපයා දුතයකු වශයෙන් පෙනිසිටිමින් මෙම වැටලිම සිදුකොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා හැටන් හා පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් සන්තකයේ තිබු ජංගම දුරකථන 04 ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය අතර පාසල් ගුරුවරයකු හා විශ්‍රාමික ගුවන් හමුදා භටයකු ද සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර පවසයි. ඔවුන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙම වාලම්පුරි 02 ක මොවුන් සතුව තිබි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දෙදෙනෙකු විසින් උපාය දුතයින් ලෙස පෙනි සිටිමින් වාලම්පුරි විකිණිමේ ගණුදෙනුව කථාකරගෙන ඇත.
පසුව මොවුන් ඉමදුව කොදාගොඩ ප්‍රදේශයේදි මෙම ගණුදෙණුව සිදුකිරිම ගැන සාකච්ජා කොට ඇත. ඒ අනුව සැකකරුවන් සිව්දෙනා වාලම්පුරි රැගෙන ඉමදුව කොදාගොඩ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අධිකරණ කටයුතු සදහා සැකකරුවන් සිව් දෙනා හා වාලම්පුරි දෙක ඉමදුව පොලිසියට භාරදි ඇත. සමුද්‍රීය හා වෙරළආරක්ෂක පනත යටතේ මොවුන්ට නඩු පැවරිමට නියමිතව ඇත.