Nov 06

කොවිඩ් සුව වූවන්ට පාකින්සන් රෝගය හැදෙනවා ද ?


විවිධ පර්‌යේෂකයන් යම් යම් දේ ප්‍රකාශ කළත්, කොවිඩ් වයිරසයේ සංකූලතා සම්බන්ධයෙන් නිවැරදි මතයක් තවම ඉදිරිපත් කළ නොහැකි යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජනන ජාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග කොඩිතුවක්කු පවසයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මේ බව සඳහන් කළේ වයිරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයන්ගෙන් සියයට 95ක් දෙනා පාකින්සන් රෝගයට ගොදුරු වන බවට යුරෝපයේ පසුගිය දිනවල කරන ලද පර්‌යේෂණයකින් අනාවරණය වූ බව කියන පුවත සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

සුවය ලැබූ පුද්ගලයන්ගෙන් කිහිපදෙනකුට ගඳ, සුවඳ නොදැනීම, කතා කිරීමේදී ගොත ගැසීම වැනි පාකින්සන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් එම පරීක්ෂණ වාර්තා පෙන්වා දී තිබිණි.

‘‘කොරෝනා කියන්නේ ලෝකයට පැමිණි අලුත් වයිරසයක්. මෙහි හැසිරීම අපට තවමත් නිවැරදිව කියන්න පුළුවන්කමක් නැහැ. කෙසේ වෙතත් කොවිඩ් ආසාදනය වී හුස්ම ගැනීමේ අපහසුව පවතින පුද්ගලයන් වෙන්ටිලේටරයකට (කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට) සම්බන්ධ කරනවා. මේ සම්බන්ධව යම් සැකයක් තියෙනවා වෙන්ටිලේටරයකට (කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට) සම්බන්ධ කරනවා. මේ සම්බන්ධව යම් සැකයක් තියෙනවා වෙන්ටිලේටරයට සම්බන්ධ කළ පුද්ගලයන් සුව වූවාට පසුව යම් යම් සංකූලතාවන් පෙන්නවාද යන්න පිළිබඳව. නමුත් ඒක තහවුරු කරන්න කාලය මදි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන පරිදි කොරෝනා රෝගීන් සඳහා වෙන්ටිලේටර් 143ක් වෙන්කර තිබුණත් තවමත් භාවිත කරලා තියෙන්නේ යන්ත්‍ර 3ක් පමණයි. ඒ කියන්නේ අසාධ්‍ය තත්ත්වයට පත්වුණු රෝගීන් විශාල වශයෙන් අප රටේ දක්නට නොලැබෙන බවයි. අපිට මේ පිළිබඳව දීර්ඝ පර්‌යේෂණ කරන්න සිදුවෙනවා. ලෝකයේ තැන් තැන්වල කරන කෙටිකාලීන පර්‌යේෂණයන් මගින් අපට නිගමනයන්ට එළඹෙන්න බැහැ’’ යැයි ආචාර්ය සුරංග කොඩිතුවක්කු වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.