Nov
13
විනිසුරුවරියක් ඇයගේ කාර්යාලය තුළදීම වෙඩි තබා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වේ.
මියගොස් ඇත්තේ පිලිපීනයේ මැනිලා අගනුවර, මැනිලා අධිකරණයට අනුයුක්තව සේවය කළ මා තෙරේසා නම් 44 හැවිරිදි විනිසුරුවරියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ අධිකරණ ලිපිකරු විසින් එම වෙඩි තැබිම සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව ඔහු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයා ද නීතීඥවරයෙක් වන අතර ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවත් කාර්යාලීය කටයුතු නිසි ආකාරයෙන් නොකිරීම සම්බන්ධයෙන් විනිසුරුවරිය විසින් ඔහුට අවවාද කර ඇති බවත් හෙළි වී තිබේ.