Oct
03
හිටපු අමාත්‍ය රිෂාඩ් ගේ සොයුරා නිදහස්
පාස්කු ප්‍රහාරයට ආදළව අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් එක් බෝම්බකරුවෙකු සමඟ සෘජු සබඳතා පවත්වා තිබූ බවටත්, එක් බොම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත්, එහිදී පොලිසිය පැවසීය.
එසේම විශේෂ සුභසාධන සමිති සමාගම් ඇති කර බෝම්බකරුවන් සමඟ ඒ සමාගම්වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත්, එම සමාගම්වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවත් රියාද් බදියුදීන් ට එරෙහිව චෝදනා එල්ල වුණි.
මෙම චෝදනාවලට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි රියාද් බදියුදීන් මාස පහකට පසුව නිදහස් කර තිබේ.
මේ අතර, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් මොහොතේදී තීරණයක් ගන්නා බවය.