Oct 02

නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා


නෙත්මි පානදුර ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. දුටුවන්ගේ නෙත් වශිකරවනසුලූ රූපයක් උපතින්ම හිමි නිසා කුඩා කල සිටම ඇය ඉතා රූමත් තරුණියක් වූවාය. නව යෞවන වයසට පැමිණීමත් සමග ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි වූවාය. රන්වන් පැහැති සිහින් සිරුර, පුළුලූකුල , වටකුරු මුහුණේ නිරතුරු රැඳි සිනහව සහ දිගුවන් වරලස ඇයගේ අලංකාරය තවත් ඔප් නැංවූවාය.

දෙවියන් විසින් අලංකාර රූපයක් ඇයට ලබාදී තිබුණත් ජීවිතය යනු කුමක්ද කියා තේරුම් ගැනීමට තරම් කල්පනා ශක්තියක් නම් ඇයට ලබාදී නොතිබුණි. එම නිසා පාසල් වියේදීම ඇය ජීවිතය වරද්දවා ගත්තාය. එහි ප‍්‍රතිඵලය වූයේ යෞවන වයසේදීම ඇය තරුණයින් කිහිප දෙනෙක්ම ඇසුරු කර ඔවුන්ගෙන් සල්ලම් වී තිබීමයි. කාලය එලෙසින් ගෙවී ගියේය.

දිනක් නෙත්මි කොළඹ එක්තරා පෞද්ගලික හෝටලයක පැවති උපන්දින සාදයකට සහභාගි වූවාය. නිපුණ නමැති තරුණයෙකුද එයට සහභාගි විය. එම අවස්ථාවේදී ඔහුට මිතුරකුගේ මාර්ගයෙන් නෙත්මිව දැන හඳුනා ගැනීමට හැකි විය. නෙත්මිගේ රුව දුටු නිපුණ ඇයට වශී වූවේය. කෙලෙස හෝ ඇය සමග සම්බන්ධතාවයක් ඇතිකර ගත යුතු යැයි ඔහු සිතුවේය. එලෙස සිතා ඔහු ඇය සමග මෙලෙස කතා කළේය.

‘‘හලෝ නෙත්මි ඉතින් කොහොමද?’’

‘‘විශේෂයක් නැහැ අයියේ ඉන්නවා ඉතින්.’’

‘‘ඇත්තටම ඔයා හුගක් ලස්සනයි. ඔය ලස්සනින් ප‍්‍රයෝජනයක් ගන්නකෝ.’’

‘‘මොන ප‍්‍රයෝජනද අයියේ.’’

‘‘ඔයා නිළියකට වඩා ලස්සනයි. එ ලස්සනින් ප‍්‍රයෝජනයක් ගන්න. ඔයා රඟපාන්න යන්න.’’

‘‘මම ඕවා දන්නේ නැහැ අයියේ.’’

‘‘දන්නේ නැහැ කියන්න එපා. මම කියනදේ අහන්නකෝ. ඔයා රඟපාන්න යන්න.’’

‘‘ ඇත්තටම මම ඒ ෆීල්ඞ් එකේ කාවවත් දන්නේ නැහැ අයියේ. ඉතින් කොහොමද මම රඟපාන්නේ.’’

‘‘ඒකත් එහෙමද මම දන්න අය නම් ඉන්නවා ඒ ෆීල්ඞ් එකේ. ඔයා කැමති නම් මම සම්බන්ධ කරලා දෙන්නම්.’’

‘‘මම රඟපාල නම් නැහැ මීට කලින්.’’

‘‘ එහෙම රඟපාන්න ඕන නැහැ. දැක්ක ගමන් පේනවා ඔයාට ඒක කරන්න පුළුවන්.’’

‘‘ ඒ කොහොමද අයියා එහෙම කියන්නේ.’’

‘‘ නංගී මම ගැන දන්නේ නැහැනේ. මම මොඞ්ලින් ෆීල්ඞ් එකේ ඉන්න කෙනෙක්.’’

‘‘ආ එහෙමද අයියේ. මම දන්නේ නැහැනේ.’’

‘‘ ඕවා මම කාටවත් කියන්න යන්නේ නැහැ. මම මෙහෙම යෝජනාවක් කරන්නද? ඔයා කැමති නම් විතරක්.’’

‘‘මොකක්ද අයියේ කියන්න.’’

‘‘මුලින්ම ඔයා මොඞ්ලින් කරන්න.’’

‘‘අනේ අයියේ මම දන්නේ නැහැ කිසි දෙයක්. ’’

‘‘ඒකට බය වෙන්න එපා. මම ගේ යටිසිතේ තිබුණේ ඇය ගැන කාම ආශාවකි. ඔහුගේ එකම අභිපාය වූයේ කෙලෙස හෝ එය ඉටුකර ගැනීමයි. එ සඳහා ඇයගේ සිත දිනා ගැනීමට කළ යුතු සියලූමදේ ඔහු සිදු කළේය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් ඇය නිරූපණ ක්‍ෂේත‍්‍රයට ද පැමිණියාය. ඉන් පසු නිපුණ ඔහුගේ යටි සිතේ තිබුණ කාම ආශාවන් ඇයගෙන් ඉටු කර ගත්තේය. එය කෙලෙස වුවත් නෙත්මිගේ දක්ෂතාවය සහ සුන්දරත්වය නිසා ටික කලක් තුළදී නිරූපණ කේෂ්ත‍්‍රයේ දිගු ගමනක් යෑමට ඇයට හැකි වූවාය.

නෙත්මි නිරූපණ ක්‍ෂේත‍්‍රයේ යෙදී සිටියදී සමීර නමැති තරුණයකු හඳුනා ගත්තාය. ඔහු පානදුර ප‍්‍රදේශයේම පදිංචි තරුණයෙකි. සංචාරක මාර්ගෝපදේශකයකු වශයෙන් ඔහු රැුකියාව සිදු කළේය. කලක් මෙම දෙදෙනා මිතුරන් ලෙස ඇසුරු කළහ. එලෙස කලක් ගත වෙද්දී නොදැනීම දෙදෙනාම පෙම්වතුන් බවට පත් වූහ.

‘‘මම පතාගෙන ආපු සිහින කුමරා සමීර වෙන්න ඇති. දෙවියො දුන්න මෙයාව මට නැති කර ගන්න බැහැ. එක නිසා මෙයාව මගේ කර ගන්න ඕනා.’’ එලෙස සිතූ ඇය සමීරව විවාහ කර ගන්නා බවට තරයේ අදිටන් කර ගත්තාය.

ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධතාවයට අවුරුද්දක් සපිරෙද්දී දෙදෙනා විවාහ වූහ. ඒ දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද්දේය. ඉන් පසු නව යුවළ පානදුර ප‍්‍රදේශයේම පදිංචි වූහ.

වසර ගණනක් දෙදෙනා සතුටින් ජීවත් වූහ. ඒ අතර කාලය තුළ එම යුවළ දරු සුරතල් බැලීමට තරම් වාසනාවන්ත වූහ.

විවිධ බාධක හමුවේ ඔවුහු සතුටින් කාලය ගත කළහ. ඒ අතර තුර නෙත්මි ද මත්පැන් පානයට පුරුදු වූහ. එ සමීරගේ පෙරුත්ත අනුවයි. සමීර දන්නා කාලයේ සිට මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. ඒ නරක පුරුද්ද ඔහු තම බිරිඳට ද පුරුදු කළේය. කලක් යද්දී නෙත්මි තම හිත මිතුරන් සමගද මත්පැන් පානයට පුරුදු වූවාය.

අමිල සමීරගේ තවත් එක් මිතුරෙකි. ඔහු හෙරොයින් පානයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකි. දිනක් ඔහු සමීරට අපූරු යෝජනාවක් කළේය. ඒ හෙරොයින් පානය කිරීමටයි. සමීර ද එක පයින්ම එයට කැමති විය. දෙදෙනා එදින ඇති වනතුරු හෙරොයින් පානය කළහ. සමීර එදින අමුතුම වින්දනයක් ලැබුවේය. එම වින්දනයත් සමග ඔහුට පසුදින ද හෙරොයින් නොමැතිව සිටීමට නොහැකි විය. එම නිසා ඔහු අමිලව සොයා ගොස් යළි හෙරොයින් පානය කළේය. කලක් යද්දී මොහුට හෙරොයින් නැතිවම බැරි විය. ඒ අතර මේ අමනයා තම බිරිඳට ද හෙරොයින් පානය කිරීමට පුරුදු කළේය. වැඩි කලක් නොගොස් ඇයද හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි විය.

සෑම දිනකම ඔවුහු හිත මිතුරන් සමග එකතුවී හෙරොයින් පානය කළහ. ඒ සඳහා විශාල මුදලක්ද ඔවුනට වැය විය. කලක් යද්දී මෙම යුවළට හෙරොයින් පානය කිරීමට සහ ජීවත්වීමට පවා මුදල් නොමැති වූහ. එම නිසා ඔවුන් කළේ කනකර පවා උගස්කොට හෙරොයින් පානය කිරීමයි. අන්තිමට ඔවුනට විකිණීමටවත් දෙයක් නොමැති විය. ඒ අතර සමීර නෙත්මිට අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ මෙලෙසින්ය.

‘‘ නෙත්මි අපිට දැන් හෙරොයින් බොන්න සල්ලි නැහැනේ. ඒවා පාවිච්චි නොකර ඉන්නත් බැහැනේ. ඒක නිසා ලෙහෙසියෙන්ම සල්ලි හොයන්න වැඩක් මම කියන්නද?’’

‘‘මොකක්ද අනේ ලෙහෙසියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඬේ. කියන්නකො බලන්න.’’

‘‘වරදවා හිතන්න එපා. මගේ යාළුවෙක් ඉන්නවා සල්ලිකාරයෙක්. එයා කැමතියි ඔයාට. එයා දවස්  ගාණක් මගෙන් ඔයා ගැන ඇහුවා. මොකද කියන්නේ මම කතා කරන්නද එයාට.’’

‘‘ඔයාට පිස්සුද. මාව විකුණන්නද හදන්නේ එක එක මිනිසුන්ට.’’

‘‘එහෙම එකක් නැහැ පැටියෝ. මම කීවේ දැන් අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඔයාගේ කැමැත්තක්.’’

‘‘අනේ මන්දා මට තේරේන්නේ නැහැ ඕවා කිසි දෙයක්. මට පිස්සු වගේ එච්චරයි මම දන්නේ.’’

ඇය එලෙස පැවසුවාය. සමීර එතැනින් නොනැවතුණි. ඇයට බලකර පැවසුවේ තමා කී දේට කැමැත්ත දෙන ලෙසයි. අවසානයේ කුඩු

ගැසීමට ඇති කැමැත්ත මතම ඇය එම යෝජනාවට කැමති වූවාය.

තම ස්වාමියාගේ අනු දැනුම මත ඇය මුදලට පිරිමියකු සමග යහන් ගත වූවාය. එදින සොයාගත් මුදලින් ඔවුහු සිත්සේ හෙරොයින් පානය කළහ. ඉන් පසු සමීර හෙරොයින් පානය කිරීම සඳහා මුදල් උපයා ගත්තේ තම රූමත් බිරිඳව විවිධ පුද්ගලයින්ට විකිණීමෙන්ය. කලක් ඔවුහු එලෙස මුදල් උපයා ගත්හ. ඒ අතර නෙත්මිගේ රූමත් මිතුරියන් කිහිපදෙනෙකුට ද ඇය මේ බව පැවසුවාය. එම තරුණියෝද ඇයගේ යෝජනාවට කැමති වූහ. ඒ අනුව නෙත්මි තම මිතුරියන්ගේ අඩ නිරුවත් ඡුායාරූප කිහිපයක් තම ජංගම දුරකථනයට ගෙන්වා ගත්තාය. ඉන් පසු තමා දන්නා කියන තරුණයින්ට ඒවා පෙන්වා එම තරුණියන්ව ඇය මුදලට විකුණුවාය. එලෙස විකුණා ද ඇය මුදල් ඉපැයුවාය. එලෙස සොයන සියලූම මුදල් ඇය වියදම් කළේ හෙරොයින් පානය කිරීම සඳහා ය.

මෝස්තර නිරූපණ ශිල්පිණිය සහ සංචාරක මග පෙන්වන්නා කලක් මෙම ජාවාරම ජයටම කරගෙන ගියහ. පසුගිය දින 19 වැනිදා පානදුරේ විහාරස්ථානයක් අසල මෙම යුවළ ගැවසුණහ. ඒ හෙරොයින් ලබා ගැනීම සඳහාය. එම ආසන්නයේ සිවිල් ඇඳුමින් රාජකාරියේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනකුට මෙම යුවළ ගැන සැක සිතුණි. ඒ අනුව ඔවුහු මෙම යුවළ ගැන විපරම් කෙරූහ.

මෙම යුවළ කුමක් හෝ නීති විරෝධි දෙයක් සිදු කිරීමට මාන බලමින් සිටින බව එම නිලධාරීන්ට හැඟුණි. ඒ අනුව ඔවුහු එම යුවළ අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළහ. එහිදී ඔවුන් ළඟ තිබී හෙරොයින් සහ තරුණියන්ගේ අඩනිරුවත් පිංතූර සහිත ජංගම දුරකථනයක් සොයා ගත්හ. එම නිලධාරීහු වැඩිදුර ප‍්‍රශ්න කිරිමේදී හෙළි වූයේ ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක් බවත් කලක සිට ස්වාමිපුරුෂයා තමාව විවිධ මිනිසුන්ට මුදල්වලට විකුණා එම මුදල්වලින් දෙදෙනාම හෙරොයින් පානය කරන බවයි. ඒ සමගම ජංගම දුරකථනයේ ඇති අඩනිරුවත් තරුණියන්ගේ පිංතූර පිළිබඳව විමසීමේදී ඇය පැවසුවේ ‘‘එම පිංතූර තමන් හඳුනන මිතුරියන්ගේ බවත් එම පිංතූර තම මිතුරන්ට පෙන්වා කැමති අයව මුදල්වලට එම තරුණියන්ව විකුණන බවයි.

එයට අමතරව ඔවුනට හෙරොයින් විකුණන පුද්ගලයින් පිළිබඳව විමසා ඔවුන්වද අත්අඩංගුවට ගත්තේ හෙරොයින් විශාල ප‍්‍රමාණයක් සමගයි. අවසානයේ සියලූ දෙනාම පානදුර අධිකරණයට ඉදිරිපත් කළ අතර මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ගයාන් සමරසිංහ - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.