Nov 15

අද මධ්‍යම රාත්‍රියෙන් පසු බස්නාහිරෙන් පිටවෙන්න පුළුවන්..


අද මධ්‍යම රාත්‍රී 12.00න් පසුව බස්නාහිර පළාතෙන් ඕනෑම පුද්ගලයෙකුට පිටවීමට අවස්ථාව හිමිවන බව පොලීසිය පවසයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා දින බස්නාහිර පළාතෙන් පිටවීමට පැනවූ තහනම් නියෝගය තවත් පැය කිහිපයකින් අවසන් වන බවයි.

මේ අතර පොලිස් වසම් 18කට මේ වන විට හුදෙකලා කර ඇති අතර, එම ප්‍රදේශ වලට තවත් පොලිස් බල ප්‍රදේශ 6ක් එකතු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිස් බල ප්‍රදේශ වන්නේ මරදාන, කොම්පඤ්ඤවීදිය, කොටුව, පිටකොටුව, වේල්ලවීදිය සහ කැළණියයි.

එම පොලිස් බල ප්‍රදේශවලට හෙට (16) අළුයම 5.00 සිට හුදෙකලා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එම ප්‍රදේශ හරහා ගමන් කරන මගී ජනතාවට ගැටලුවක් නොමැති බවත්, වෙනත් ප්‍රදේශයක සිට පැමිණෙන පුද්ගලයෙකුට පිටකොටුව ප්‍රදේශය හරහා බස් රථයකින් හෝ දුම්රියකින් වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කළ හැකි වේ.

කෙසේ වෙතත් කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිටත්වයන පොදු ප්‍රවාහන සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල කිසිදු ආකාරයකින් නැවැත්විය නොහැකි බව අජිත් රෝහණ මහතා සදහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.