Nov
07
රෝහලට ගෙනියන ආසාදිතයින් තිදෙනා ගිලන් රථයේ සූර් වෙලා
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් මත්පැන් පානය කිරීමේ පුවතක් සමාජ මාධ්‍යයේ වාර්තා වේ.
මීගමුවේ සිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑම සඳහා කඩවත බස්නැවතුමේ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ගිලන් රථයකින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ගිලන් රථයෙන් බැස ගත නොහැකිව බීමත් වී සිටි පුවතක් වාර්තා වේ.
මෙම ආසාදිතයන් තිදෙනා ගිලන් රථයට නැඟ ඇත්තේ මත්පැන් බෝතල් සඟවාගෙන බවත් මීගමුවේ සිට ගිලන් රථයේ කඩවත දක්වා එනතුරු කාලය තුළ විවිධ ප්‍රමාණයේ මත්පැන් බෝතල් තුනක් පානයකර ඇති බවත් හෙළි වී තිබේ.
ගිලන් රථයේ එන තුරු බෝතල් ගැටෙන හඬ විටින් විට ඇසුනත් ආසාදිතයන්ගේ බඩු මළු සෙලවෙන බව ගිලන් රථ රියදුරාත් උපස්ථායකයාත් කල්පනා කර ඇත.
බීමත් පුද්ගලය් තිදෙනා කඩවතින් අසීරුවෙන් ගිලන් රථයෙන් බැස්සවූ පසු ගිලන් රථය විෂබීජ හරණය කරන්නට යෑමේ දී හිස් බෝතල් හමු වී ඇති බව වාර්තා වේ.