Nov
07
කලගෙඩි අතහැරීම බොරුවක්. වංචාවක්. එලියන්ත වයිට්ට වෛද්‍යවරයාගෙන් අභියෝගයක්
කොරෝනා සුව කිරීම සදහා වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ගංගාවලට පැන් කළ දැමීම මිත්‍යාවක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා සඳහන් කරයි.
එවන් කටයුතුවල කිසිම පදනමක් නැති බවත් ඒ සියල්ල වංචාවන් බවත් ඔහු කියා සිටියේය.
මෙවන් කටයුතු වලින් පෙනී යන්නේ පාලකයන් පවා අන්ධ විශ්වාස පසුපස දුවන බව බව යැයි ද මිනිසුන් අසරන ප්‍රමාණයට රැවටීම සිදුවුණු බවත් ඔහු පෙන්වා දෙයි.
ඒලියන්ත වයිට් මහතාට කිසියම් බලයක් ඇත්තේ නම් ඒ කුමක්ද ලැබුනේ කවදාද කොහෙන්ද ආදිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවත් පවසන කපිල රණසිංහ මහතා එසේ නොකරන්නේ නම් ඔහු කළ කිසිවක් පිළිබඳ විශ්වාස කළ නොහැකි බවද සඳහන් කළේය.
කලයක් ජලයට දමා ලෙඩ සුව කළ හැකි නම් එසේ සිදු වූ අවස්ථා ප්‍රකාශ කරන ලෙස ද එසේ කළ නොහැකිනම් එම කටයුතු අසත්‍ය බවද ඔහු කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.