Nov 10

දුම්රිය මගීන් බරපතළ අනාරක්ෂිත තත්ත්වයක


කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය හමුවේ දුම්රිය මගීන් බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවත්, දුම්රිය පාලනාධිකාරිය විධිමත් සෞඛ්‍යාරක්ෂක සේවාවක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතු වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ඊයේ (09 වැනිදා) අවධාරණය කළේ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය මගී ජීවිත අනතුරේ හෙළීමක් බවය.

‘‘අපේ සංගමය කොවිඩ් -19 වයිරස ආරම්භක ව්‍යාප්තියේදී මෙන්ම දෙවන රැල්ලේදීද දුම්රිය පාලනාධිකාරිය වෙත සෞඛ්‍යාරක්ෂිත විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. නමුත් අපේ යෝජනා දුම්රිය පාලනාධිකාරිය නොසලකා හැරියා. කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය මැද කාර්යාල දුම්රිය සේවය ඊයේ සිට ආරම්භ කළා. නමුත් මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී නැහැ. කොළ කෑල්ලක නම ගම ලියල කාඩ්බෝඩ් පෙට්ටියකට දාන්න කියන එක පිළිගත හැකි ක්‍රමවේදයක් නෙවෙයි.

අලුත් තාක්ෂණයක් එක්ක ආයතනයක් හරහා ප්‍රවේශ පත්‍ර වෙන්කිරීමේ වැඩපිළිවෙළක් අපි සංගමයක් විදිහට හඳුන්වා ඒක ක්‍රියාත්මක කරන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ වගේම ගමනාන්ත අතර ධාවනය වූ දුම්රිය විෂබීජහරණය කරන්න ක්‍රමවේදයක් තවමත් සකස් කරල නැහැ. දුම්රිය මගීන්ගේ උෂ්ණත්වය මැනීම සඳහා දුම්රිය කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නැහැ. දැඩි සේවක හිඟයක් තියෙනවා. මේ තත්ත්වය මැද අපි සංගමයක් විදිහට වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට අපි මෙතුළින් සිදුව ඇති බලපෑම හා අනතුරුදායක තත්ත්වය ගැන අනතුරු අඟවනවා’’ යැයිද හෙතෙම කීය.

එෆ්.අස්ලම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.