Nov
10
බිළිඳියකට මරු කැඳවු අනතුර
බදුල්ල පොලිස් වසමේ බදුල්ල මහියංගනය මාර්ගයේ මැඩිතලේ හංදිය අසල දී ත්රීරෝද රථයක් අඩි 40ක පමණ ප්රපාතයකට පෙරළී සිදුවු අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (09) දහවල් 1.15ට පමණ එම අනතුර සිදුව තිබේ.
බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වු ත්රීරෝද රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී අනතුර සිදුව ඇත.
අනතුරින් ත්රීරෝද රථයේ සිටි මසක් පමණ වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 6ක් වු දරුවෙක් හා මියගිය බිළිඳියගේ මිත්තිනිය බරපතළ තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය බිළිඳියට බෙහෙත් ලබාගැනීම සඳහා බදුල්ල රෝහලට යමින් සිටිය දී එම අනතුර සිදුව ඇත.
බෑවුම දෙසට ධාවනය වු ත්රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගිය බව අනතුර ඇසින් දුටු අයෙක් පැවසීය.
බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.