Nov 28

සුළු වැරදිවලට හිරබත් කන අයට ජනපති සමාව


සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට ජනාධිපති පොදු සමාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධනාගාරයේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත. එම ජනපති පොදු සමාවට අදාළ ලිපිය ඊයේ (27 වැනිදා) වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබුණු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ අනුව රට පුරා ඇති සියලූම බන්ධනාගාරවලට ඒ සම්බන්ධයෙන් දන්වා යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කටයුතු කර ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිටින 700 ක් පමණ වූ සිරගත රැදවියන්ට නිදහස්ව යෑමට අවස්ථාව හිමිවනු ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර මෙරට බන්ධනාගාරවල පවතින තදබදය හමුවේ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරද`ඩුවම් විදින පුද්ගලයන්ට ද පොදු සමාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර මූලස්ථානය මගින් මරණීය දණ්ඩනය සහ ජීවිතාන්ත සිරදඬුවම් ලැබ සිටින රැදවියන්ගේ නම් ඇතුළත් ලේඛනයක් අදාළ අංශ වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

එහිදී මරණීය දණ්ඩනය හිමිවී වසර විස්සක කාලයක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දී ඒ අය ජීවිතාන්ත සිරදඩුවම් ලබන අය බවට පත් කිරීමටත් වසර 25ක කාලයක් ජීවිතාන්ත සිරදඩුවම් විදි රැදවියන් සාමාන්‍ය සිරකරුවන් තත්ත්වයට පත්කර සමාවක් ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත.

මෙම පොදු සමාව හිමිවීමේදී කිසිසේත්ම මත්කුඩු චෝදනාවලට සහ පාතාල අපරාධ සදහා දඩුවම් විඳිමින් සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට හෝ පාතාල මැරයන්ට කිසිදු සමාවක් හිමි නොවන බව ද සදහන් වෙයි.

දිවයින - සමන් ගමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.