Nov 28

රුවන්වැල්ල වෛද්‍යවරයෙකුට කොවිඩ් - රෝගීන්ටත් ප්‍රතිකාර කරලා


සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයෙන් තොරව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

අඟුරුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධිය උසුලන මෙම වෛද්‍යවරයා බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන අයෙක් වන අතර ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් පැමිණෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.

මෙම වෛද්‍යවරයාගේ සහ වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද PCR පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදී ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පවා මෙම වෛද්‍යවරයා ඊයේ දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර කිරීමේදී මෙම වෛද්‍යවරයා මුහුණු ආවරණ පැළද සිට නොමැති අතර, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ දෑත් පිරිසිදුකාරක දියර ලබාදී නොමැති අතර පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් චෝදනා කර සිටින්නේ.

පසුගිය දින 14ක කාලය තුලදී මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබූ සියලුම රෝගීන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස සලකන බවත් මේ වන විට ලැබෙන වාර්තා අනුව පුද්ගලයින් 1000-1500 ත් අතර පිරිසක් ඔහුගෙන් එම දින වකවානු තුල ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.