Nov
06
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරෙන් සති දෙකකදී මරණ 16ක්
ඊයේ (05) දිනය තුළදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 383 ක් හඳුනා ගැණුනි.
ඉන් වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168කි.
ගම්පහින් 157ක්, කළුතරින් 24ක්, කෑගල්ලෙන් 6ක්, මාතරින් 5 ක් , මඩකලපුව සහ කුරුණෑගල
දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින්ද ඊයේ දිනයේදී හඳුනා ගෙන තිබේ.
ඊයේ දිනයේදී සොයාගත් ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකුද සිටී.
මේ සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුර 9,096 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ පසන්නේ, ඉන් 7,048 ක් ම ආශ්‍රිතයන් වන අතර 1,041 ක් මිනුවන්ගොඩ ඇඟලුම්
කර්මාන්ත ශාලාවේ සේවකයන් වන බවත් 1,007 ක් පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයන් බවත්ය.
මෙම පොකුරේ ආසාදිතයන්ගෙන් 16 දෙනෙකු මියගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
පැවසීය.
එම මරණ සියල්ල සිදුව ඇත්තේ සති දෙකක් වැනි කෙටි කලක් තුළදීය.
මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 12,570ක් වේ.
ඉන් 6,623 ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5,918 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ 5ත් සමග මියගිය සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 29 ක් ලෙස දැක්වේ.