Nov 06

ඕ.අයි.සී. මියයයි - දූෂණ මර්දන ස්ථානාධිපති තුවාල වී රෝහලේ


කොට්ටුකච්චිය ප‍්‍රදේශයේදී ගව හොරකමක් වැටලීමට ගිය ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා සිය මෝටර් රථයෙන් හොර හරක් ලොරියක් පසුපස හඹා යෑමේදී ආණමඩුව නගරයේ ඔර්ලෝසු කණුවේ වාහනය ගැටී සිදුවූ අනතුරකින් මියගොස් ඇත. එම අවස්ථාවේ ඔහු සමග වාහනයේ සිටි දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප‍්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (38) මහතායි. එක් දරු පියකු වන ඒ මහතා නිකවැරටිය - ඉහළගම පදිංචිකරුවෙකි. 04 වැනිදා රාත‍්‍රි 12.15 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරින් තුවාල ලබා ආණමඩුව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ පොලිස් පරීක්ෂක මධුරංග මහතායි. අනතුරට ලක්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා පසුගිය 04 වැනිදා රාත‍්‍රියේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇති අතර ලැබුණු තොරතුරක් අනුව තම පෞද්ගලික මෝටර් රථයෙන් වැටලීමට ගොස් තිබේ. ඒ අවස්ථාවේ ආණමඩුව පොලිසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇත.

එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ සැක සහිත ලොරිය පසුපස තමා පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලූහු බදින්නට මියගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත. වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය මධ්‍යයේ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත. ගවයන් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරිය පළාගොස් ඇත.

අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් කටයුතු කර ඇත. රෝහලට ඇතුළත් කරන විටත් රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා මියගොස් සිට තිබේ. සිද්ධිය පිළිබදව ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

- නලින් හෙන්දුරුගොඩ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.