Nov
21
බේරුවල ධීවර වරායේ උණුසුම් තත්ත්වයක්
බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් අද (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සිල්ලරට වෙළෙඳාම තහනම් කළ ද නගරය ආශ්‍රිතව මාළු වෙළෙඳාම සිදුවන බව උද්ඝෝෂකයින් සඳහන් කළේය.
පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ධීවරයින් සමඟ සාකච්ඡා කිරීමට පැමිණ සිටියේය.
කෙසේවෙතත් එහිදී ධීවරයින් සඳහන් කළේ, තමන්ගේ ගැටලුවට බලධාරීන් විසඳුම් ලබානොදුනහොත් උද්ඝෝෂණය නතර නොකරන බවය.
ධීවරයින්ගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් හෙට (22) දිනයේ සිට බේරුවල ධීවර වරායේ සිල්ලරට මාළු වෙළෙඳාම සිදුකිරීමට අවසර ලබාදෙන බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී සිංහබාහු මහතා සඳහන් කළේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා තිබුණු රැස්වීමේ දී එතුමා තීරණයක් දුන්නා සෑම ධීවරයෙකුටම හා වෙළෙඳන්දන්ට හැඳුනුම්පතක් නිකුත් කරන්න. ඒ හැඳුනුම්පත නිකුත් කරන්න ධීවර දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒ හැඳුනුම්පත නිකුත් කිරීම අවසන් වු වහාම සිල්ලර වෙළෙඳාම සඳහාවරාය විවෘත කිරීමට කටයුතු කරනවා.“