Nov 21

කොරෝනාවෙන් ආරක්ෂාවෙලා යන්න පුළුවන් බස් රථයක්


ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ගමන් කළ හැකි බස් රථයක් ඊය් (20) දා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී හඳුන්වා දෙනු ලැබීය.

මෙම බස් රථය හදුන්වාදීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එම අවස්ථාවට එක්ව සිටියේය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙය නිර්මාණය කර තිබේ.

ආසන දෙකින් දෙකට වෙන් කොට ආරක්ෂිත ආවරණ යොදා එම එක් ආවරණ කුටියක එක මගියෙක් ට පමණක් ගමන් කළ හැකිවන පරිදි මෙම බස් රථය සකසා ඇති අතර බස් රථය තුළ සාමාන්‍යයෙන් ආසන 50කට වැඩි ප්‍රමාණයක් තිබුණ ද ආසන්න වශයෙන් මගීන් 20 දෙනෙකුට පමණ සෞඛ්‍ය ආරක්ෂිතව මෙහි ගමන් කළ හැකි වේ.

බස් රථයට ඇතුළු වන දොරටුව අසල දෑත් විෂබීජහරණය කිරීම සදහා විෂබීජහරණ දියර බෝතල් සවි කර ඇත.

කොන්දොස්තරවරයාට බස් රථය තුළ එහා මෙහා ගමන් කිරීමක් සිදු නොවන අයුරින් වෙන ම අසුනක් වෙන් කොට මෙය නිර්මාණය කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.