Oct 21

ඥාති නැගණියට අතවර කොට තම පෙම්වතියද දූෂණය කළ නරුම පෙම්වතා


තම පෙම්වතියගේ සහාය ඇතිව පෙම්වතිය හමුවේ අවුරුදු 15 යි මාස 3 ක් වයසැති බාලවයස්කාර ඇගේ ඥාති නැගණිය දූෂණය කර පසුව තම පෙම්වතියද දූෂණය කළ පෙම්වතෙකු කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා වෙත ඊයේ (20 දා) පැමිණ භාරවීමේ සිද්ධියක් කොච්චිකඬේ පොලිසියෙන් වාර්තා විය.

මෙම දූෂණ සිද්ධියට අදාළ 20 හැවිරිදි සැකකරු කටානේ පදිංචිකරුවෙකි. ඔහුගේ දෙමාපියන් විදේශ රැුකියාවලට යෑම නිසා ඔහු පමණක් නිවසේ තනිවම ජීවත්වී ඇත. ඔහුට 17 හැවිරිදි පෙම්වතියක් සිටී. ඔහු පෙම්වතියට පවසා ඇත්තේ පෙම්වතිය (ඇය) ඉදිරියේ තරුණියක් සමග අඹු සැමියන් වශයෙන් සිටීමට තමාට තදබල ආශාවක් ඇති බවය. ඒ අනුව පෙම්වතිය පෙම්වතාගේ ආශාව ඉටු කිරීමට තම නිවසේ රැඳී සිටින වයස අවුරුදු 15 මාස 3 ක් වියැති බාලවයස්කාර තම ඥාති නැගණිය බිලිදීමට සූදානම් කර ඇත.

තම නැන්දණියට හදිසියේ අසනීපවී ඇති බැවින් නැන්දා බැලීමට කඩිනමින් යන බව වැඩිහිටියන්ට පවසා අතවරය සිදුවූ දින අලූයම 1.00 ට පමණ ත‍්‍රිරෝද රථයකින් තම ඥාති නැගණියද සමග පෙම්වතිය නිවසින් පිටත්ව ගොස් ඇත. තම ඥාති නැගණිය කැඳවාගෙන යන්නේ තමාගේ තනි නොතනියට බව ඇය වැඩිහිටියන්ට පවසා අවසර ලබාගෙන ඇත.

ඔවුන් ගමන් කිරීම සඳහා ත‍්‍රිරෝද රථය රැගෙන විත් ඇත්තේ පෙම්වතියගේ පෙම්වතා විසිනි. පසුව පෙම්වතිය විසින් තම ඥාති නැගෙනිය උපක‍්‍රමශීලීව තම පෙම්වතාගේ නිවසට අලූයම කැඳවා ගෙන ගොස් ඇත.

පසුව පෙම්වතියගේ ඥාති නැගණිය පෙම්වතා විසින් පෙම්වතිය ඉදිරියේම දූෂණය කර ඇත. ඉන්ටික වේලාවකට පසු පෙම්වතා තම පෙම්වතිය ද දූෂණය කර තිබේ. අතවරයට පත් දැරිය පසුව තම නිවසට ගොස් තමාට වූ සිද්ධිය තම මවට හෙළිකිරීමෙන් අනතුරුව බාලවයස්කාර තරුණියගේ මව කොච්චිකඬේ පොලිසියට පැමිණිලි කර ඇත.

බාලවයස්කාර තරුණියක් ඇගේ දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යෑම සහ ඇය දූෂණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙම්වතිය අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසු මේ මස 30 වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. පොලිසිය ඊයේ (20 දා) භාරවූ පෙම්වතා අධිකරණය හමුවට පැමිණවීමට කොච්චිකඬේ පොලිසිය කටයුතු යොදා ඇත.

කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත කොච්චිකඬේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උ. පො.ප. පේ‍්‍රමරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ. පො. පරීක්‍ෂක මපා, කාන්තා පොලිස් සැරයන් (1290) නිරංජලා, පො. කො. (33544) කරුණාරත්න පො. කො. (40290) රුවන් යන නිලධාරීහු විමර්ශනවලට සහභාගි වූහ.

විමල් කීර්ති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.